පසුගිය කාලවකවනුවේ දිගින් දිගටම ඉස්මතු වූ බාල ඖෂධ ගෙන්වීම ආධී සෞඛ්‍ය ගැටළු හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ගෙන ඒමට යෝජනා කල සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 45 දෙනෙකු අත්සන් තබා ඇත.

සමගි ජන බලවේගය (SJB), ජාතික ජන බලවේගය (NPP), දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නිදහස් ජනතා කොංග්‍රසය (FPC) මෙන්ම විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම ද මෙම යෝජනාවට අත්සන් තබා ඇත.