මෙරටට හාල් ඇටයක්වත් ආනයනය නොකරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද මහතා කලින් පැවසුවත් අද හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කරමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ මහින්දානන්ද මහතා කට ඇරියොත් කියන්නේ බොරු බවත් එතුමා කියන දේවල් දැන් කවුරුවත් පිළිගන්නේ නැති බවයි .

වසරකට සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂ 35ක් බවත් පාරිභෝජනයට අවශ්‍ය වන්නේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් බව ද පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ ලංකාව සහල් වලින් ස්වයංපෝෂිත රටක් බවයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුවේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා ගොවින් වගා කළ ඇත්තේ හෙක්ටයාර ලක්ෂ 6ක් බවයි .

ආණ්ඩුවේ පොහොර ප්‍රතිපත්තිය නිසා ගොගොවීන්ට වහා කිරීමට නොහැකි බවත් නැනෝ නයිට්‍රිජන් බොරුවක් බවත් යූරියා මගින් සිදු කරන ප්‍රතිඵලය නැනෝ නයිට්‍රිජන් මගින් ලබා ගැනිමට නොහැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ .

අශෝක් අබේසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙම සියලු දේවල් මගින් ආණ්ඩුව හොරකම් කරමින් සිටින බවයි .

ඔහු මේ බව පවසා සිටියේ අද(30) විපක්ෂ නායක කර්‍යාලයේ දීය .