මූලික වශයෙන්ම දක්ෂ පරිපලකයන්ට ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වීමට හැකි පරිදි ක්‍රීඩා නීතිය සකස් කල යුතු බවත් වත්මන් පාලන තන්ත්‍රය හොබවන පරිපලකයින්ගේ අරමුණ වී ඇත්තේ මුදල් ඉපයීම පමණක් බවත් පාර්ලිමේන්තු  මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද (09) පරිමෙන්තුවේදී පැවසීය.

1996 ලෝක කුසලානය මේ රටට ගෙන එන අවස්ථාවේ ක්‍රිකට් සංගමයේ සභාපති වශයෙන් කටයුතු කල ආනා පුංචිහේවා මහතාව ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු සංගමයේ එලවා දැමු බවත් මේ වන විට ක්‍රිකට් සංගමය දූෂිත පවුල් 3ක අධිපත්‍යට යටවී ඇති බවත් ඔට්ටු කරුවන්, සූදු කරුවන්, දුෂිතයන් රැලක් විසින් මුදල් පිල්ලි ගැසීම පමණක් සිදුකල අතර ක්‍රීඩාව නගාසිටුවීමට කිසිඳු වැඩපිළිවෙලක් නොතිබූ බව මරික්කාර් මහතා අවධාරණය කළේය.

වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයට නව පත්කිරීම් සිදුකරන්නේ නම් ක්‍රිකට් ආධිපත්‍ය පතුරුවාගෙන සිටින දූෂිත පවුල් තුනෙන් පත්කිරීම් සිදු නොකරන බවත් අවධාරණය කරමින් මරික්කාර් කියා සිටියේ සුවහසක් ජනයා ක්‍රිකට් ක්‍රීඩාව දෙස බලා සිටියද ග්‍රාමීය තරුණයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවට අවතීරණ වීම සිහිනයක් පමණක් වී ඇති බවත්ය.

“මේ ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ මුළු රටක්නම් රටේම ඉන්න දුව දරුවන්ට මෙම ක්‍රීඩාවට අවතීරණ වීමට ආරම්භයක් හෝ ගතයුතුයි”

ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටළු විසදීමට එක් පාලක මණ්ඩලයක් විසිරිවා තවත් පාලක මණ්ඩලයක් පත්කිරීම පමණක් ප්‍රමාණවත් නැති පැවසු මරික්කාර් අමාත්‍යවරයා කියා සිටියේ විපක්ෂ නායකවරයාගේ යිජනවා පරිදි ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්නේ නම් එය 1996 සිටම සිදුකල යුතු බවත් ඒ හරහා මේ වන තෙක් සිදුකර ඇති සියලු වංචා සිදුකල යුතු බවයි.

ක්‍රිකට් ආධිපත්‍ය පතුරවාගෙන සිටින පවුල් තුන නිත්‍ය වශයෙන්ම පරාජය කල යුතු අතර මරික්කාර් අමාත්‍ය වරයා එම පවුල් රාජපක්ෂ පවුලට සමාන කළේය.

“අර අයියා නැත්තන් මේ මල්ලි, මේ මල්ලි නැත්තන් අර මල්ලි, මහින්ද රාජපක්ෂට ඉල්ලන්න බැරි නිසා ඒ පව්ලෙන්ම බුරුවෙක්ව ගෙනාව, එහෙම ගෙනල්ල රට බංකොලොත් කරලා දැම්මා”