වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය සහ තවත් රාජ්‍ය ආයතන රැසක් කේන්ද්‍ර ගත කර ගෙන නිර්මාණය වූ මාතර ලවන බාධක ඛේදවාචකය නිසා මාතර දිස්ත්‍රික්කයේ දසදහස් ගණනාවක් ජනතාව අසරණ වී ඇති බවත් මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමින් අද වන තෙක් ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී තමා පාර්ලිමේන්තුවේදී නිල්වලා ලවන බාධකය ගැන ප්‍රශ්න ඉදිරිපත් කළ බවත් එම නිසා මේ සම්බන්ධ අපක්ෂපාතී වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සම්බ්නධයෙන් සොයා බැලීමට තේරීම් කාරකසභාවක් පත් කිරීමට යෝජනාව වී ඇති නිසා එම තේරීම් කාරක සභාවේ සභාපතීත්වය විපක්ෂයට අවශ්‍ය බවත් වාරිමාර්ග අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ විෂය භාර අමාත්‍යවරිය නිසා ඇයට මේ සම්බන්ධ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ නොහැකි බවත් එම නිසා මෙහි සභාපතීත්වය විපක්ෂයට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.