අද රටේ තත්වය ඉතාමත්ම බැරෑරුම් ලංකා ඉතිහාසයේ නරකම තත්ත්වයට පත්වී ඇති බව අද (20) රට බේරා ගැනීමේ මෙහෙයුම විපක්ෂනායක කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය..

අද රටේ තත්වය ඉතාමත්ම බැරෑරුම් ලංකා ඉතිහාසයේ නරකම තත්ත්වයට පත්වෙලා. මේ වෙනකොට ඇත්තටම මිනිස්සු සාගින්නේ පෙළෙනවා දරුවෝ කිරිපිටි ඉල්ලන අඬනවා බෙහෙත් නැතිව මිය යනවා මේ වෙනකොට ජීවිතාරක්ෂක ඖෂධ නැහැ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ නැහැ ශෛල්‍ය උපකරණ නෑ ශල්‍යකර්ම නැවතිලා වාහනයට පෙට්ට්‍රල් ඩීසල් නෑ කෑම උයාගන්න ගෑස් නෑ විදුලිය නෑ අද වෛද්‍යවරුන්ට රෝහල්වලට එන්න බෑ වෛද්‍යවරු 50% කට අඩුයි දැඩිසත්කාර ඒකකයේ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ සූම් එකෙන්.

මේ රටේ තත්ත්වය ගැන යුනිසෙෆ් සංවිධානය මොකක්ද කියන්නේ. දීර්ඝ විදුලි කප්පාදුව කට රට ගිහින් තියෙනවා. දිගු පෝලිම් වලින් රට පිරිලා. සුපර්මාකට්වල තියෙන රාක්ක හිස් වෙලා. බඩු මිල ඉහළ යනවා ඒ තත්ත්වය අනුව ඔවුන් කරන ලද ගවේෂණ⁣යේදී රට ගැන කියන්නේ පවුල් 10න් 7ක් කෑම ගන්නේ වේල් දෙකයි නැත්නම් එක වේලයි. මිනිස්සු බඩගින්නේ ඒකයි තත්ත්වය .

නමුත් ආහාර සුරක්ෂිතතාව වැඩසටහන යටතේ රනිල් වික්‍රමසිංහ කැඳවලා අග්‍රාමාත්‍ය කාරයාලයට එයා කියනවා මම මිනිස්සුන්ට බඩගින්න ඉන්න දෙන්නේ නෑ කියලා. රනිල් වික්‍රමසිංහ තවම දන්නේ නෑ මිනිස්සු බඩගින්නේ ඉන්නේ කියලා මොකද රනිල් වික්‍රමසිංහ හොඳට වේල් තුනක් කාලා ඉන්න නිසා නමුත් එතැන ඉදපු එකම මහජන නියෝජිතයකුට වත් කියන්න බැරි වුණා අද මිනිස්සු බඩගින්නේ ඉන්නේ කියන්න. මේ නිසා තමයි මහජන නියෝජිතයන්ට අද මිනිස්සු ගරහන්නේ 225ම එපා කියන්නේ .

යුනිසෙෆ් සංවිධානය කියනවා ලෝකයෙන්ම මන්දපෝෂණ ලයිස්තුවේ 7 ස්ථානයක් අපි කියලා අපිට වඩා රටවල් හයයි මන්දපෝෂණය අපිට වඩා වැඩියෙන් තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ අපි හත් වෙනි තැනට ඇවිත් .ආසියාවෙන් මන්දපෝෂණයෙන් දෙවන ස්ථානය ලබා ගෙන. දකුණු ආසියාවෙහි නරකම රට බවට පත්වෙලා
යුනිසෙෆ් සංවිධානය තවදුරටත් කියනවා මේ තත්වය එන්න එන්නම නරක් වෙනවා කියලා. අපේ දරුවෝ ලක්ෂ 17 ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා බව කියනවා . අද ගෝඨාභය රාජපක්ෂට මේ පාපකර්මයම ඇති පලිසන් දෙන්න. එදා යුනිසෙෆ් සංවිධානය මොකක්ද කිව්වේ අපේ රටේ දරුවෝ ගැන. අමාත්‍යංශයේ මම ඉවත් වෙලා ආවම යුනිසෙප් අධ්‍යක්ෂකවරයා 2019 දෙසැම්බර් 11 මට ලියුමක් එව්වා එහි තිබෙනවා ලක්ෂ 60ක් දරුවන්ට කරපු සේවයට ප්‍රශංසා කරලා. ඒගොල්ලෝ කියනවා අපි දරුවන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කළා අපේ රජය එදා ආහාර ටික, කිරි පිටි ටික ,සෞඛ්‍ය ඔක්කොම අපි දුන්නා
හැම දරුවෙක්ම කාල බීල හිටියා. අද ඒ දරුවන්ගෙන් ලක්ෂ දාහතක් නිරාහාරව මන්දපෝෂණයේ ඉන්නවා මේ කාලකන්නි ජනාධිපති⁣ට හා ආණ්ඩුවට පින්සිද්ද වෙන්න මේ දරුවන්ගෙන් දහයෙන් හතක් පවුල් කන්නේ නෑ කියන්නේ පොහොට්ටුවට දුන්නු ලක්ෂ 69 යෙනුත් ලක්ෂ 50කට වඩා අද කන්න නෑ. දරුවන් ලක්ෂ 17නුත් ලක්ෂ 15ක් වත් පොහොට්ටුවට චන්ද දුන්න අයගේ දරුවො වෙන්න පුළුවන් . ඒ අනුව මිනිසුන් එදිනෙදා ජීවතය ගත කරන්නට තමන්ගේ දේපල විකුණනවා දේපල උකස් තියෙනවා තවත් ණය බරින් මිරිකෙනවා .තව දුරටත් කියනවා අවුරුද්ද කට පෙර සෝමාලියාවේ සහ සුඩානයේ තිබුණ තත්ත්වයට මේ රට ඇවිත් තියෙනවා කියලා .මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියපු දියුණු වෙමින් තිබුණ රට තවත් සෝමාලියාවක් තවත් සුඩානයක් කරපු ජනාධිපති වහසි බස් දොඩවනවා වරමක් තියෙනවා කියලා තව අවුරුදු දෙකක් ඉන්න. ඔහුට වරමක් දුන්නද ලංකාව සුඩානය කරන්න වරමක් දුන්නද ලංකාවේ දරුවො ලක්ෂ 17ක් මන්දපෝෂණයේ තියන්න. වරමක් දුන්නද පවුල් 10න් 7කට කන්න නැතුව ඉන්න. එහෙම වරමක් දුන්නා නං කමක් නෑ තව අවුරුදු දෙකක් ඉන්න එයාගෙ වරම ඉවරයි .

අද මුළු රට පුරා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා 80%ක් මන්දපෝෂණයෙන් කියලා .ඒ නිසාම එක රටපුරා විරෝධය. හැම පෝලිමක් ම අද ආණ්ඩු විරෝධි අරගලයක් බවට පත් වෙලා .එහිදී පොලීසිය ක්‍රියා කරපු විදිය සාගින්නේ බඩගින්නෙ දවස් ගණන් වේළි වේළි ප්‍රට්‍රල් ගන්නට ඩීසල් ගන්න ඉන්න මිනිස්සු ටිකට ගහනවා මේ වගේ කාලකන්නි පොලිසියක් ඉන්න එකම රට ලංකාවයි අද ඒ පොලිසිය සුඩානය සෝමාලියාවේ පොලිසියක් බවට පත්වෙනවා යුනිෆෝම් එක ඇතුලෙ තියෙන්නෙ හදවත් නෙමෙයි යකඩ වලින් හදපු හදවත් .ගෝඨාභය රාජපක්ෂ කියනවා මම හැම පිරවුම් හලක් ගාවටම විශේෂ කාර්ය බලකාය, කමාන්ඩෝ බටයෝ දානවා කියලා. ඒක තමයි එයාගේ විසඳුම මිනිස්සුන්ට ඩීසල් ටික දෙන්න පෙට්රල් දෙන එක නෙමෙයි ඒවට පෝලිං ගහලා ඉන්නේ මිනිසුන් හසුරුවන්න කොමාන්ඩෝ STF එක දාන එක තමයි එයාගේ හැකියාව.

ඒ නිසා පැහැදිලිවම කියනවා ගෝඨාභය මහත්තයෝ ඇති මේ රට කාල හපයක් කරලා ඉවරයි වරමක් නෑ ඒ නිසා ඉල්ලීමක් කරනවා අරගල කරුවන්ට පෙරටුගාමීන්ට අපේ පාර්ලිමේන්තුවේ සියලු විපක්ෂයේ පක්ෂ එක්ක එකතු වෙලා සමගි ජන බලවේගයේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද මේ ගෝඨාභය එලවන දැවැන්ත ව්‍යායාමයට එකතු වෙන්නේ කියලා .දැන් ගෝඨාභය ගෝ හෝම් කියල මදි ගෝඨාභය පල ගෝඨාභය ගේටවුට් යන්න ඕනේ නැත්නම් එලවනවා හොරා ආණ්ඩුව පාංකඩ රනිල්ගේ ආණ්ඩුව එලවනවා එසේ එළවා ජනතා හිතවාදී සර්ව පාක්ෂික රජයක් බිහි කරලා මේ රටේ මිනිස්සුන්ට කන්න ටික , දරුවන්ට කිරි පිටි ටික දෙන, ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික දෙන, ඩීසල් පෙට්රල් දීලා ඒ අවශ්‍යතා ඉටු කරනවා. විදුලිය කපන එක නවත්තනවා. ජන ජීවිතය නැවතත් සාක්ෂාත් කරනවා ඉතාමත්ම කෙටි කාලයක් තුළ .

එක මිනිහෙක් හින්දා අද රටක් දුක්විඳිනවා එක මිනිහෙක් හින්දා දරුවෝ මන්දපෝෂණයට යනවා එක මිනිහෙක් හින්දා මිනිස්සු මැරෙනවා බෙහෙත් නැතුව ඒ නිසා එක මිනිහෙක් හින්දා ජීවත් කරවන්නට මුළු රටක් මරණයට පත්වෙනවා .ඒ නිසා ඒ මිනිසා එලවනවා ද රටක් ජීවත් කරනවද මේ රටේ ජනතාව තීන්දුවක් ගත යුතුයි ..

ඒබ්‍රහම් ලින්කන් කියලා තියෙනවා එරෙහි විය යුතු තැන නිහඬව සිටීම පාපයක් මේ වෙලාවේ අපි නිහඬව හිටියත් පාපයක් ඒ නිසා මේ රටේ දේශප්‍රේමී ජනතාවට අපි ආයාචනා කරනවා ගෝඨාභය එළවන්නට රනිල්ගේ පාංකඩ හොර ආණ්ඩුව එලවන්ඩ ඉදිරියට එන්න. ජනතාවගේ පාක්ෂික ආණ්ඩුවක් බිහිකරන්න එකතු වෙන්න කියලා ඉල්ලීමක් කරනවා අද ඉඳලා ඉදිරියට ඒ සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ගෝඨාභය ගෙදර යනකං රනිල් දොට්ට දානකන් අපි මේ සටන ඉදිරියට සියලුම බලවේග එකතු කරගෙන අපේ නායකයා සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන් ඉදිරියට ක්‍රියාත්මක කරනවා.