පාපැදියෙන් රැකියාවට යන්න කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එහෙම යෝජනා කරන අය යන්නේ V8 වැනි සැප වාහනවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට යැයි තමන් ඔවුන්ට කියන බවද  විපක්ෂ නායකතුමා පැවසීය.

balavegaya 1643270741385

දැන් තරඟෙට සභාපති වරු ඉල්ලා අස්වෙන බවත් එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව ඒවා තුළ ඇතිනිසා බවත් විපක්ෂ නායකතුමා පැවසීය.  

කොවිඩ් ව්‍යසනය තුළින් අපේ රට දැවැන්ත වසංගතයකට මුහුණ දෙන අවස්ථාවේ මෙරට යල්පැන ගිය දේශපාලනය වෙනස් කරමින් විපක්ෂයක් ලෙස රටට අගයක් එකතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා, සෙසු සියලු දේශපාලන පක්ෂ වලටද ඊට ආරාධනා කළේය.

balavegaya 1643270876393

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක  “සමගි ජනබලවේගයෙන්  හුස්මක්” සහ “ජනසුවය” ඒකාබද්ධව මීගොඩ ආයුර්වේද රෝහලට  ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කරනු ලැබීය.

අද(27)පෙරවරුවේ  විපක්ෂ නායකතුමා විසින් අදාල ත්‍රීරෝද රථය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

සෞභාග්‍ය දැක්ම වෙනුවට  අභාග්‍යයේ  දැක්ම නිර්මාණය වී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා, කිරිපිටි පෝලිම්, තෙල් පෝලිම්, සිමෙන්ති පෝලිම් රටපුරා වෙලා තියෙන බවත් කීය.