වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ 2020 වසරට සාපේක්ෂව 2021 වසරේ තේ අස්වැන්න ඉහළ ගොස් ඇති බවත් නමුත් චමින්ද විජේසිරි මහතා කියා සිටින්නේ තේ අස්වැන්න පහත වැටී ඇති බවයි.

චමින්ද විජේසිරි මහතා වැඩිදුරටත් කියා සිටියේ කුඩා තේ වතු හිමියන්ගෙන් හා කඳුකරයේ තේ වතු හිමියන්ගෙන් ඇසුවොත් තේ අස්වැන්න අඩු වුණා ද? වැඩ වුණා ද? පිළිබඳ දැන ගැනීමට හැකි බවයි.

ජනාධිපති විසින් රසායනික පොහොර තහනමි කිරිමත් සමග තේ ඇතුළු සියලු කෘෂි බෝග වල අස්වැන්න අඩු වී අති බව මන්ත්‍රීවරයා කියා සිටියේය .

වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියා තේ වගාව සඳහා පොහොර සහනාධාරයක් ක්‍රියාත්මක කරන බවත් නමුත් චමින්ද විජේසිරි මහතා කියා සිටින්නේ පොහොර සහනාධාරය ට පෙර තේ අස්වැන්න අඩු වූ කුඩා තේ වතු හිමියන් ඇතුළු කඳුකරයේ තේ හිමියන්ට වන්දි ගෙවන ලෙසයි.

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා සතුටු කිරීමට බවය.

මෙම ඇමැතිවරු මහපොළොවේ නැති බවත් ප්‍රයෝගිකව තේ වතු වලට ගොස් පොහොර නොමැති විම නිසා තේ වලට සිදු හානිය සොයා බලන ලෙසද වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට මන්ත්‍රීවරයා කියා සිටියේය .

වැඩි දුරටත් කියා සිටියේ ජනාධිපතිවරයාගේ පොහොර ප්‍රතිපත්තිය පිළිබඳ ජනතාව ඡන්දයකදී උත්තර දෙන බවයි.

සටහන – CJ