2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ බැවින් වර්තමානයේ හා රාජපක්ෂ ආණ්ඩුව සියලුම වංචා දූෂණ වලට ජනතා විමුක්ති පෙරමුණ ද, වගකිව යුතු බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි

ආණ්ඩුවක් නොතිබුණද, විපක්ෂ නායකවරයා ලෙස රෝහල් වලට අවශ්‍ය උපකාර හා කොරෝනා උවදුරෙන් මිනිස් ජීවිත බේරා ගැනීමට අවශ්‍ය රෝහල් උපකරණ ලබාදීම වරදක් ද යන්න, ජනතා විමුක්ති පෙරමුණෙන් තිස්ස අත්තනායක මහතා ප්‍රශ්න කළ සිටියේය .

පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහල් වලට උපකරණ බෙදාදීම ජනතා විමුක්ති පෙරමුණ කළ විවේචනයට ප්‍රතිචාර දක්වමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා මෙසේ ප්‍රශ්න කළ සිටියේය .

ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය පුරාවටම පොදු දේපළ විනාශ කළ ඉතිහාසයක් බවත් පැවසූ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේය විපක්ෂ නායකතුමා සමාජයේ මූලික අවශ්‍යතා විසදීම කටයුතු කරමින් සිටින විට එය හොඳයි කිව නොහැකි නම් දේශපාලනය කුමකටද යන්නයි .

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ 2004 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේදී කැබිනට් අමාත්‍ය ධුර හතරක්ද, නියෝජ්‍ය ආමත්‍ය ධුර හතරක් ද මන්ත්‍රීධූර 39 අතතිව ජනතා විමුක්ති පෙරමුණ විසින් රටට කළ සේවාව කුමක්ද , යන්න ප්‍රශ්න කළ සිටියේය .

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන සමාජ සත්කාර සේවාව අගය කිරීමට නොහැකිනම් ජනතා විමුක්ති පෙරමුණට නිහඬව සිටින ලෙස ද, කියා සිටියේය .

සටහන – CJ