සමගි තරුණ බලවේගයේ කෑගලු දිස්ත්‍රික් සම්මේලනය පසුගිය දා (අප්‍රේල් මස 27වැනිදා) කෑගල්ල නිදහස් මාවතේදී අතිඋත්කර්ශවත් ආකාරයට දිස්ත්‍රික්කය පුරා විහිදී සිටින තරුණ තරුණියන් 10,000කට අධික සහභාගිත්වයෙන් පැවැත්විනි.

කෑගලු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණියන්ගේ ඍජු ප්‍රශ්න සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මැතිතුමා විසින් පිලිතුරු ලබාදුනි.

සමුළුවේ විශේෂත්වය වුයේ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ඉදිරි අසුන් ලබාදී දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, සුජිත් සංජය පෙරේරා මහත්වරු වගේම තරුණ ආසන සංවිධායක සුරේෂ් සංජීව මහතා සම්මේලනයේ පිටුපසට වී තම දිස්ත්‍රික්කයේ ජනතාව සමග කල්ගත කිරීමයි.