කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටින ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොටුව පොලිස් ස්ථානයට යයි.

පසුගිය මැයි 28 වන දින උද්ඝෝෂණයකට සහභාගීවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ දී ජෝසප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමත් සමඟ වෘත්තීය සමිති නායකයින් දේශපාලනඥයින් පිරිසක් කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණ තිබුණා.