රනිල් අටවන ජනපති ලෙස පත් කරගන්න කටයුතු කරපු මන්ත්‍රීවරුත් එයට උදව් කරපු රාජපක්ෂවරුත් සන්තෝෂ කරගෙන මේ රටේ ප්‍රශ්න විසදන්නේ කොහොමද කියලා එතුමාගේ රාජාසන කථාවෙන් කියවුන බව ඊයේ (3) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් සමගි ජන (03) අද පස්වරුවේ විපක්ෂනායක කාර්යාලය පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් (පා.ම) රංජිත් මද්දුම බංඩාර මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.

අද මේ රටේ පාර්ලිමේන්තුවෙන් පත්වෙච්ච ජනාධිපතිවරයා එතුමාගේ ඉදිරි වැඩපිළිවෙළ ගැන කතා කළා. එතුමා ජනතා ඡන්දයෙන් නෙමෙයි ආවේ .එතුමා පත් කරගන්න කටයුතු කරපු මන්ත්‍රීවරුත් එයට උදව් කරපු රාජපක්ෂවරුත් සන්තෝෂ කරගෙන මේ රටේ ප්‍රශ්න විසදන්නේ කොහොමද කියලා එතුමාගේ කථාවෙන් කියවුණේ.මට මතක් වෙන්නේ එතුමා 2015 යහපාලන ආණ්ඩුව ගෙන එද්දී ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ කතාවයි එතුමා කළේ. නමුත් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දැවෙන ප්‍රශ්න වලට කොහොමද විසඳුම් දෙන්නේ.

එතුමගේ කතාවේදී කිව්වා දෙසැම්බර් මාසේ වෙනකන් තෙල් පෝලිම් වල ඉන්න වෙයි. තෙල් අර්බුදයට විසඳුම් දෙන්න බැරිවෙයි කියලා. ඒ කියන්නේ දෙසැම්බර් වෙනකන් ළමයිට ඉස්කෝලේ යන්න නැහැ, රාජ්‍ය සේවය ,මේ රටේ නිෂ්පාදන කර්මාන්ත හරියට ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. සංචාරකයා ආවොත් ඔවුන්ට ගමන් යන්න එන්න බැරි වෙනවා. ප්‍රධාන ප්‍රශ්න ගැන එතුමා උත්තරයක් දුන්නේ නෑ.අපි මුලින් කිව්වා වගේ එතුමාගේ කථාවෙන් කියවුණේ පරණ දේවල් අමතක කරමු කියලා. එහෙම පරණ දේවල් අමතක කරන්න බෑ මේ රටේ තරුණ තරුණයින් සැබෑ අරගලය කරපු උදවිය කිව්වේ හොරකම් කරපු අය අල්ලන්න ඕන කියලා. නමුත් රට මේ තත්වයට පත් වුණේ වැරදි තීන්දු වැරදි කළමනාකරණයත් ජනතාවගේ සම්පත් මුදල් කොල්ලකමින් කොමිස් ගහපු නිසා. ඒවා ගැන එතුමා කොහේවත් කිව්වේ නෑ.

පැහැදිලි කතා කිහිපයක් තිබුණා චීන පොහොර නැව ,සීනිවලින් හොරකම් කරපුවා ඒවා එකක් දෙකක් විතරයි කිව්වේ. එතුමා අගමැති වෙලා හිටපු කාලේ ෆයිල් එකසිය ගානක් තියෙනවා හොරකම් කරපුවා ඒවට ක්‍රියාමාර්ග ගන්නවා කියලා කොහේවත් කිව්වේ නෑ .ඒ කියන්නේ එතුමට රාජපක්ෂ පාලකයන් මන්ත්‍රීවරුන් සන්තෝෂ කරන්න ඕන කතාවක් කිව්වේ.

ඒ වගේම ජනතාව ඇතුළු මේ රටේ සියලු අය ඉල්ලීම් කරා පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විශාල කාර්යභාරයක් තියෙනවා කියලා ඒ වගේම බලයට එන හැමෝම කිව්වේ ඒකට සාරණයක් ඉටු කරනවා කියලා හැබැයි එතුමාගේ කතාවේ කොහේවත් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කිව්වේ නෑ එතුමා බෙදා වෙන්කරා “අරගලය” අරගලය සාමකාමී කණ්ඩායමයි ප්‍රචණ්ඩත්වයයි දෙකක් අපිත් ප්‍රචණ්ඩත්වයට කැමති නෑ .නමුත් අරගලයේ සැබෑ අරගලකරුවන් සාමකාමීව කරේ ඒ අරගලකරුවන් අද අත්අඩංගුවට ගන්නවා. සමහර තැන්වල බස් හරස් කරලා අත්අඩංගුවට ගන්නවා. විශ්වවිද්‍යාල ළඟ සීඅයිඩී ,එස්.ටී.එෆ්, පොලිසිය දාලා තියෙනවා අපි දන්නවා රටේ නීතිය හා සාධාරණත්වය තියෙන්න ඕන නමුත් සාමකාමී මිනිස්සු පිටිපස්සේ එලවන්න බැහැ. අපි කියනවා මෙතුමාට කරුණාකරලා මේ සැබෑ, සාමකාමී අරගල කරුවන්ට වෙන කරදර නවත්තන්න.

ඒ වගේම දැවෙන ප්‍රශ්න ගැන කතා කළ යුතුයි බඩු මිල අහස උසට නැගලා. ජනතාව ජීවත් කරවන්න යම් දෙයක් කරවන්න ඕන ඒ ගැන එතුමා උත්තරයක් දුන්නෙ නෑ. ඒ තමා බොහොම දීර්ඝකාලීන සැලසුම් ගැන කිව්වේ එවැනි සැලසුම් ආණ්ඩුවකට තියෙන්න ඕන. ඕක තමයි 2015 දීර්ඝ සැලසුම ඒ කතාවම කරලා හරියන්නේ නැහැ එතුමගේ කතාවේ වැරැද්දක් නෑ නමුත් ජනතාවගේ දැවෙන කාලීන ප්‍රශ්න වලට උත්තර නැති එකයි අපි බැලුවේ.එහෙමනම් අපි තුමාට කියනවා කරුණාකර මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ජනතාව ඉල්ලුම් කරපු ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි කළේ ප්‍රචණ්ඩත්වය නෙමෙයි අරගලයේ සාමකාමී අරගල කරුවන් ඉදිරිපත් කරපු කාරණා කිහිපයක් තිබුණා ඒ ගැන මෙහි සඳහන් වෙලා නෑ නමුත් රට ගොඩගන්න ඕනම කටයුත්තකට සහාය දෙන්න කැමතියි හැබැයි අපිට ක්‍රමයක් ගැන බලන්න වෙනවා. එතුමා අද උත්සාහ කරනවා දෙපැත්ත කොහොමද කරන්නේ කියලා මම එතුමා කියන්ඩ ඕනෑ 2019 පස්සේ රට කඩා වැට්ටුවේ එහි විත්ති කාරයන්ට දඬුවම් දෙන්න කියලා අපි යෝජනා කරනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවට අපිට ආරාධනා කරලා තියෙනවා අපි එතුමා මුණ ගැහිලා රට වෙනුවෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.අපි රට වෙනුවෙන් ඕන කාරණයය කට ඉදිරිපත් වෙන්න කැමතියි තනතුරු තාන්න මාන්න ගැන කල්පනා කරන්න ඕන .