අත්තනෝමතික ලෙස මෙම වසර තුල තුන්වන වතාවටත් විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා පැවැත්වෙන බව සමගි ජන බලවේගය නිවේදනය කර තිබේ.

ඒ අනුව විදුලි බිල වැඩි කිරීමට එරෙහිව පවත්වන විරෝධතා මාලාව අද(25) පැවැත්වෙන ස්ථාන ලෙස

  1. මැද කොළඹ පස්වරු – බේස්ලයින් පාර රාජසිංහ විද්‍යාලය අසල පස්වරු6.30

  2. දෙහිවල හන්දිය පස්වරු6.30

  3. පාතදුම්බර – වත්තේගම නගරය- පස්වරු 6.00

  4. හාරිස්පත්තුව – අකුරණ නගරය- පස්වරු 6.00

  5. ගලගෙදර – හෑදෙණිය හංදිය – පස්වරු6.30

  6. කුණ්ඩසාලය – දිගන නගරය- පස්වරු 7.00

  7. බලපිටිය – නගරය- පස්වරු 7.00

  8. අක්මීමන – තලගහ හන්දිය- පස්වරු7.00

  9. හබරාදුව – අහංගම නගරය- පස්වරු 7.00

  10. නිකවැරටිය – නගරය- පස්වරු 7.00

  11. වියළුව – කන්දකැටිය නගරය- පස්වරු7.00

  12. මඩකලපුව – කල් අඩි පාලම අසල- පස්වරු 6.00

මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රතිපාදන වලට අනුව වසරකට විදුලි බිල වැඩිකළ හැකි වන්නේ දෙවතාවක් පමණක් බව සදහන්ව තිබියදී, මෙම වසර තුල දෙවතාවක්ම විදුලිබිල වැඩිකිරීම නිසා ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබමින් තිබියදී ඇමතිවරයාගේ ඒකමතික තීරණයක් මත මහජන උපයෝගීතා කොමිසමේ විශේෂ ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් බිල ඉහල දැමීම යුක්ති සහගත නොමැති බවත් විශාල වශයෙන් බදු වැඩිකිරීම නිසා ජනතාව දැනටමත් පිඩාවට පත්ව සිටින බවත් සමගි ජන බලවේගය අවධාරණය කරයි.