අද සවස ඇඳි නීති පැනවීමෙන් ජනතාවගේ උද්ඝෝෂණ මර්දනය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ ඇදරිනිතිය පැනවීමෙන් රටේ ජනතාවගේ විරෝධතා නතර කර නොහැකි බවයි.

තව දුරටත් කියා සිටියේ ජනතාවගේ විරෝධතාවයන් මර්දනය කිරීමට ආණ්ඩුව විවිධ දේවල් සිදු කරමීන් සිටින බවයි.

රටේ නීතිය සකසා ඇත්තේ මිනිසුන් ආරක්ෂා කිරීමට බවත් එමනිසා මිනිසාට ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සටන් කිරීමට අයිතියක් ඇති බව ද, මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ