අධ්‍යාපන පරිවර්තන සමුළුව සඳහා නිව්යෝක් ගොස් සිටින අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහි දී යුනෙස්කෝ සංවිධානයේ (UNESCO) අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්රි අසූලේ (Audrey Azulay) මහත්මිය මුණගැසුණේ ය.

එහි දී අමාත්‍යවරයා යුනෙස්කෝ සංවිධානය විසින් ‍ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා ලබා දෙන සහයෝගයට සිය ස්තූතිය පුද කර සිටියේ ය.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා යුනෙස්කෝ සංවිධානයේ නිබඳ සහය ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙසත් එහි දී ඉල්ලීමක් සිදු කළේ ය.