සමගි වනිතා බලවේගය ඊයේ යාපනයේ ආරම්භ කළ මව්වරුන්ගේ අරගලය අද දෙවන දිනට අනුරාධපුර නගරයේ දී සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි .

එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විරෝධතාවයට පැමිණි සිටි කාන්තා පිරිස වර්තමානයේ මුහුණ දී සිටින දුක කීමට ඥාණා අක්කාගේ ගෙදර ගියාය.

එහිදී ගමන් මාර්ගයේ පොලිස් බාධක යොදා තිබුණු අතර එවා කඩා ගෙන නිවස ඉදිරිපිටට ගියාය .

එහෙත් රටේ ඥාණා අක්කා මුණ ගැසීමට ඔහුන්ට අවස්ථාවක් නොලැබුණි.

ඇයගේ නිවස ඉදිරිපිට විශාල පිරිසකින් සමන්විත පොලිස් කණ්ඩායම් යොදා තිබු අතර ජල වීදින රථ ද, යොදා තිබුණි.

මෙම අවස්ථාව හිටපු ආමත්‍ය චන්ද්‍රානි බණ්ඩාරනායක මහත්මිය සහභාගි වුවාය .