පොහොර නොමැතිව ගොවියා මග මඟට වැටුණු තත්ත්වයක එම පොහොර ගෙන්වීමට තිබෙන මුදල් ද ගසා කන තත්ත්වයක් උදාවී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.

ඒ, අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඉන්දියාවෙන් ගෙන්වන නැනෝ නයිට්‍රජන් පොහොර වෙනුවෙන් මුදල් ගෙවීම මුදල් අමාත්‍යංශයෙන් පරිබාහිරව යමින් මහජන බැංකුවේ ගොවි අරමුදල සමාගම නමින් ගිණුමකට රු.කෝටි 29ක් බැර කර තිබෙන අතර රජය විසින් කළ යුතු ගණුදෙනුවකට පෞද්ගලික සමාගමක් මැදිහත්කරගන්නේ සහ පොහොර ගෙන්වීම වෙනුවෙන්ම අලුතෙන් එම සමාගම පිහිටුවිමම ප්‍රශ්න සහගත බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

අදාළ නව සමාගමේ අධ්‍යක්ෂවරු දෙදෙනෙක්ද සිටින අතර ඔවුන් මෙම ගණුදෙනුවේ තැරව්කරුවන්ද? මෙම පුද්ගලයින් සහ පොහොර ගෙන්වන සමාගම අතර ඇති සම්බන්ධය කුමක්ද? යනදී ලෙස ප්‍රශ්න මතුව තිබෙන බවත් මේ හරහා පෙනී යන්නේ ජනාධිපතිවරයා සෞභාග්‍යයේ දැක්ම හරහා කියා සිටි ඔවුන්ගේ ආණ්ඩුවේ ගනුදෙනුවල විනිවිදභාවය මෙයදැයි යන්න විමසීමට සිදුව තිබෙන බවයි මන්ත්‍රීවරයා තවදුරටත් පෙන්වාදුන්නේ.

අවසානයේ ගොවියාට පොහොර ගෙන්වීමට තිබෙන මුදල්ද ගසා කාගෙන ඇති බවත් කෘෂිකාර්ම අමාත්‍යවරයාගේ සිට මෙම පොහොර ගෙන්වීමට මැදිහත් වූ සියලු දෙනා ඊට වගකිව යුතු බවද රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන ල