සමාජ මාධ්‍යන්ට නීතිමය රාමුවක් සකසන්නේ කෙසේද යන්න පිළිබඳව ආණ්ඩුව දීර්ඝව සාකච්චා වෙමින් සිටියි.

ඒ අනුව ඉදිරි ඉදිරි සතු දෙක තුලදී ඊට අදාල වාර්තාවක් කැබිනට් මණ්ඩලයට නිකුත් කිරීමට නියමිතය. සමාජ මාධ්‍ය වලට නීතිමය වටපිටාවක් ජනමාධ්‍ය අමත්‍යවරයා සහ අධිකරණ අමත්‍යවරයා විසින් සුදානම් කර ඇති බව සදහන් වේ.

සමාජ මාධ්‍යයන්ට ආණ්ඩුව විසින් විවිධ වාරණ දැමීමට මින් ඉහතදී ද සුදානම් විය. ඊට විශාල සමාජ විරෝධයක් ඇති වීම හේතුවෙන් එය තාවකාලිකව නතර විය. මේ අනුව පැහැදිලි වන්නේ නුදුරු සතියේ සිට සමාජ මාධ්‍ය වලටද අත පොවමින් ආණ්ඩුව සිය අභිමතාර්ථය වෙනුවෙන් සමාජ මර්ධන ක්‍රියාවන්ට සුදානම් බවය.