ගොවියන්ට කාබනික පොහොර කියා පොහොර නෙමෙයි දහයියා පුච්චපු ඒ අඟුරු වෙච්ච ඒවා ගෝනියක දමා extar කියලා ආයතනයකින් පොහොර බෑග් වලට දමා එහි මිලක් නියම කරමින් රජය ඒ පොහොර ලබා ගෙන ගොවියට ගෙනත් දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ

“මේ රජය විසින් ගෙනියන අලුත්ම පොහොර නාටකය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මීට දින කීපයකට උඩදී එතුමාගේ ගෙදරට උද්ඝෝෂණ පිරිසක් ඇවිත් කරපු ප්‍රහාරයත් එක්ක එතුමා නින්දෙන් අවදි වුණා වගේ පාර්ලිමේන්තුවේ කියනවා මේ රටේ බත සපයන ගොවියා ට පොහොර ටික දෙන්න ඕන කියලා . රජය විසින් මේ පොහොර කප්පාදු වැරදි ක්‍රියාවක් කියලා එතුමා ප්‍රකාශ කළා. හැබැයි මීට වසරකට කලින් සමගි ජන බලවේග නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පොහොර කප්පාදු ගැන කතා කළා .ඒ වගේම ගොවි ජනපදයක් නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට මම එවකට හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිතුමා ට එතුමාගේ රූප හදලා මේ විදියට පාරේ පුච්චං කලින් කිව්වා මේක කරන්න එපා කියලා. මහකන්නය පටන් ගන්න කලින් ගොවියා කිව්වේ අපිට පොහොර ටික දෙන්න අපිට වතුර ටික දෙන්න කියලා හැබැයි රජය ඒක ඇහුවේ නෑ එසේ අහන්නේ නැතුව රසායනික පොහොර නවත්තලා කාබනික පොහොර දෙන්න ඕන කියලා මේ රටේ නින්දෙන් නැගිට්ට වත්මන් ජනාධිපතිතුමා එතුමාගේ ක්‍රියා කල්පය අද එතුමන්ලා විසින්ම බුක්ති විදින්න සිදු වෙලා තියෙනවා.

මොකද ගොවි ජනතාව එළියට බැහැලා සාප කරා මේ රජයට අහිංසක ගොවි ජනතාවත් එක්ක තමයි ඒ අයගේ රජයේ ඇමතිවරු වත්මන් ජනාධිපතිතුමා අගමැතිතුමා රජය සියලු දෙනාම සෙල්ලම් කලේ අපි එදා කිව්ව මේක කරන්න එපා කියලා. දැන් මොකද්ද කරන්නෙ යලකන්නය පටන් ගන්න වතුර දීලා තියනවා පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයට විතරක් මේ වෙනකොට පොහොර දෙනවා කාබනික පොහොර කියලා මේ පොහොර පොහොර නෙමෙයි දහයියා පුච්චපු ඒ අඟුරු වෙච්ච ඒවා ගෝනියක දාලා extar කියලා ආයතනයකින් පොහොර බෑග් වලට දාන්නේ එහි මිලක් තියෙනවා 1700යි හැබැයි මේ රජය ඒ පොහොර තමයි ගොවියට ගෙනල්ලා දෙන්නේ . එතකොට මේ ආයතනයට කවුද ගෙවන්නේ ගොවියා රවට්ටලා යලකන්නය විනාශ වුනොත් මොකද වෙන්නේ මහ කන්නෙ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් 40% කින් අස්වැන්න අඩු උනා වෙන මේ ගොවියෝ වී ටික ගෙදර ටිකක් තියාගෙන පරිභෝජනය සඳහා එහිදී කවුරු හරි කෙනෙක් අසනීප වුණොත් දරුවාට පොත් ටිකක් ගන්න පන්සලට දානයක් දෙන්න වී ගෝනියක් විකුණලා තමයි ගොවියා ජීවත් වුනේ අද එහෙම කිසිම ගෙදරක වී ගෝනියක් වත් නැහැ වී වලට උපරිම මිලක් හම්බවුණා හැබැයි වී වලට මිලක් ලැබුනද අද අක්කරයක් හාන රුපියල් හැට පන්දහසක් යනවා වැඩි වෙච්ච ඉන්ධන මිලත් එක්ක 25 අධික මිලත් එක්ක ගොවියාට නෑ ගොවි ව්‍යාපාරය කරගෙන යන්න විදිහකුත් නැහැ මොන මිල ලැබුණත් ගොවියා නැති භංගස්ථාන කරලා හිඟන්නෙක් බවට පත් කරලා තියනවා මේ රජය.”

යනුවෙන් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසීය .