අද අරලියගහ මන්දිරය ඉදිරිපිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස බල කරමීන් ඉල්ලා කෑ ගසන පිරිස කන්නේ බත් නොව පුන්නක්කු බව සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි .

මේ රට දැන් ඇත්තටම බේරා ගැනිමට සිදු ව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ ඕන කියලා කෑ ගසන වහල්ලුගෙන් බව ද, මන්ත්‍රීවරිය පැවසීය .

මෙම පිරිසට දේශපාලනය පිළිබඳ අවබෝධයක් නොමැති බවත් පැමිණ සිටි කාන්තාවන්ට ජිවන බර දැනෙන්නේ නැද්ද යන්න හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රශ්න කර සිටියාය .

රට බේරා ගත් නායකයා ලෙස පැවසූවත් මහින්ද රාජපක්ෂ මහතාට රටේ සාරය උරා බිමට ඉඩ දිමට නොහැකි බව පවසා සිටියාය .