මේ රටේ ජනතාවට කතා කිරීමේ, ප්‍රජාතන්ත්‍රවාදීව අරගල කිරීමේ අයිතිය කිසිලෙසකින්වත් පැහැර ගැනීමට ආණ්ඩුවට ඉඩ තබන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති අයිතීන් පවා උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා පීඩනය දරාගත නොහැකිව අරගල කරන ජනතාව වෙත මර්දනය දියත් කිරීමට ආණ්ඩුවට ඉඩ නොතබන බවද පැවසීය.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීක තිසර අනුරුද්ධ බණ්ඩාර රඳවාගෙන සිටි මෝදර පොලිසිය වෙත වෙත අද (02) ගිය විපක්ෂ නායකතුමා ඉන් අනතුරුව මාධ්‍යයට මේ බව පැවසීය.

මෙය අරගල වලදී පීඩාවට පත්වන පාර්ශවයන් වෙනුවෙන් පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතාව මර්දනය කිරීමේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය වහාම හකුලා ගත යුතු බවද පැවසීය.