ආණ්ඩුවේ රසායනික පොහොර තහනමෙන් එළවළු වගාවට අවශ්‍ය පොහොර නැතිවුණා . එහිදී එළවළු අස්වැන්න අඩු වීමෙන් එළවළු මිල ශිඝ්‍රයෙන් ඉහල ගිය බවත් මේ වනවිට පාරිභෝගිකයන්ට එළවළු මිලදි ගැනීමට අවශ්‍ය මුදල් නොමැති විමත් සමග එළවළු කොරටු වල එළවළු සොරකම් කිරිමට මිනිසුන් පෙළෙඹ වී ඇති හෙයින් එළවළු කොරටු මුර කිරීමට පොලිසියට සිදු වී ඇතැයි හිටපු අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීයි .

ඔහු මේ බව කියා සිටියේ අද සමගි ජන බලවේග ප්‍රධාන කාර්‍යලයේ දීය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“අපි මාධ්‍ය හරහා දැක්කා මිනිස්සු කොරටුවලට පැනලා කරවිල ,බටු හොරාට කඩලා විකුණා ඇති බව .අපි මෙතෙක් අහලා තියෙන්නේ රත්තරන් බඩු කඩයක් හො ගෙයක් බිදලා සල්ලි ගත්තා කියන හොරකම් .දැන් කරවිල කොටුවට පැනලා කරවිල කඩා ගෙන යනවා. මිනිස්සුන්ට ඒ තරම් අමාරුයි.දැන් පොලීසියට එළවළු කොටු මුරකරන්න සිදුවෙලා .පොලීසියට වෙන කරන්න දෙයක් නැහැ. සැම එලවලුවක්ම මිල රු 500ට එහා ගිහින් මිරිස්, මාළු මිරිස් 1000යි, 1500යි එය නවත්තන්න ආණ්ඩුවට වැඩපිලිවෙක් නැහැ. හැබැයි අපි තමයි හොදටම කෙරුවේ කියලා තමයි කිව්වේ .

කාටවත් බරක් නැතුව මහපොළව එක්ක ගැටෙන ගොවියාට ගොවිතැන් කරන්න පොහොර ටික දුන්නේ නැහැ. කාබනික කරන්නම් කියලා රටම විනාශ කළා.

ආණ්ඩුව දැන්වත් ⁣තකතීරු තින්දුවෙන් ඉවත් වෙලා යල කන්නයට වත් පොහොර ගේන්න සූදානම් කරන ලෙස හැරිසන් මහතා රජයට අවධාරණනය කලේය .”