‌වසර 7කට පසු කොටුව ජනාධිපති නිලනිවස අවට ප්‍රදේශය බැරියර් දමා වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා‌ වේ.

ජනාධිපතිවරයා ජනාධිපති නිල නිවසේ පදිංචියට පැමිණීමත් සමග මෙසේ ඒ අවට ප්‍රදේශය වසා දමා ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මෙම මාර්ග බාධක ඉවත් කොට එම ප්‍රදේශය සාමාන්‍ය මහජනයාට විවෘත කිරීමට පියවර ගෙන තිබිණ.