තමන් විගණනයට සූදානම් බවත්, සියලුම දේශපාලඥයින් විගණනයට ලක් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි.

දේශපාලඥයින්ට අමතරව සංස්ථා සභාපතිවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ මෙරට සහ විදේශ රටවල තිබෙන සියලුම වත්කම් විගණනයට ලක් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

ඒ ආකාරයට සියලුම දේශපාලඥයින්ගේ, සංස්ථා සභාපතිවරු සහ ඉහළ රාජ්‍ය නිලධාරින්ගේ මෙරට සහ විදේශීය වශයෙන් පවතින වත්කම් විගණනය කිරීම සදහා පාර්ලිමේන්තුව විසින් ගනු ලබන ඉදිරි පියවර වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බවද මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටි.