ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරනවා දැයි යන්න සොයා බැලීම සඳහා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම් උපුටා දක්වමින් “අරුණ පුවත්පත” වාර්තාකොට තිබේ.


කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ පූර්ණ දායකත්වය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහයෝගය ඇතිව පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු 1999 වසරේ ආරම්භ කළ අතර, එය ක්‍රියාත්මක කෙරුණේ 2000 වසරේ සිටය.


මෙම භූ කම්පන මානය පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරු භූමියේ පාෂාණයක් මත මීටර් 100 ක් ගැඹුරට විදුම් සිදුකර ස්ථාපිත කර ඇතැයි ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරයි.


මෙම භූ කම්පන මානයේ දත්ත කැලිෆෝනියා විශ්වවිද්‍යාලය විසින් ද අධීක්ෂණය කරනු ලබන බව එම පුවත්පත පවසයි.


මෙය අතර කෙරවලපිටිය යුගදනවි බලාගාරය බදු දී ඇත්තේ ද ඇමරිකානු ඇමෙරිකානු සමාගමකට ය .