වත්මන් ආණ්ඩුවට දේශපාලන බය දැනෙන්න පටත් ඇති හෙයින් එම නිසා හදිසි මහජන රැළි පවත්වමින් සිටින බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි .

එතුමා වැඩි දුරටත් කියා සිටියේ ,

“දැන් මේ ආණ්ඩුවට දේශපාලන බය දැනෙන්න පටන් අරගෙන ඒ නිසා හදිසි වැඩ ලක්ෂයේ කොමිස් ව්‍යාපෘතිය ඉස්සරහට දාලා තියෙනවා ඒ වගේම හදිසි මහජන රැළි පැවැත්වීමේ උවමනාවක් ආණ්ඩුවට දැනෙන්න පටන් අරගෙන තිබෙන” බව මන්ත්‍රීවරයා කියා සිටියේය .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“දැන් බස් වල නැගලා රැස්වීම් වල ගිය මිනිස්සු ආණ්ඩුව ගැන පැහැදීමෙන් ගියා කියල කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ ඔය ගිය මිනිස්සු සිමෙන්ති පෝලිං දැකපු අය.කිරිපිටි පෝලිමක නොහිටපු අය නෙමෙයි. හිගයක් නැතුව පෝලිම් වල ඉන් නැතුව අඩු මිලට ගෑස් සිලින්ඩර ගත්ත මිනිස්සුන් නෙමෙයි ගියේ. කුඹුරට ඇති තරම් පොහොර ලැබිලා ඒ ගැන ප්‍රසාදය පළ කරන්න ගිය මිනිස්සු නෙමේ ඉස්පිරිතාලෙට ගියාම බෙහෙත් ටික ලැබිලා නෙමෙයි එතැනට ගියේ හොදට බඩ කට පුරවගෙන කන මිනිස්සු නෙමෙයි එදා සල්ගාදු ක්‍රීඩාංගනයට සුපුරුදු විදිහට බස් වල නග්ගගෙන සමෘද්ධිලාභීන් උදවිය පටවගෙන ගියේ .අපි කියනවා ආණ්ඩුවට සෙනග පෙන්වන රැස්වීමෙන් ඉතා හොඳට පැහැදිලි කරගත් කාරණයක් තියෙනවා ඒ තමයි එදා පොදුජන පෙරමුණ හදන්න එකතු වුණු හවුල්කාර පක්ෂ ඔක්කොම ආණ්ඩුවෙන් හැලිලා ආණ්ඩුව දැන් දෙදරලා තියෙනවයි කියන එක ඒ හරහා ප්‍රදර්ශනය කරන්න ආණ්ඩුවට සිදු වු බව” මන්ත්‍රීවරයා පැවසීය .

“ඒ වගේම අග්‍රාමාත්‍යතුමා අභියෝග ඉදිරිපත් කළා විපක්ෂයේ අපිට මැතිවරණයකට සූදානම් වෙන්න ජනමතය උරගා බලන්න කියලා. අපේ විපක්ෂ නායකතුමා ඒ අභියෝගය සතුටින් භාරගත්තා. සමගි ජන බලවේගය ඕනෑම මැතිවරණයකට ඕනෑ ම මොහොතක සූදානමින් සිටිනවා අපිත් රජයට කියන්නේ ඔය මැතිවරණ කල් දමන කතන්දර පැත්තකට ජනතා මතය උරගා බැලීම සඳහා කුමන හෝ මැතිවරණයක් ඉක්මනින් පවත්වලා ජනතාවට අවස්ථාව දෙන්න රජය පිළිබඳ තිබෙන ප්‍රසාදය අප්‍රසාදය මොකද්ද කියන එක පෙන්වන්න අවස්ථාවක් දෙන්න ඕන මැතිවරණයක් පවත්වන්න සමගි ජනබලවේගයේ සඳහා සූදානම්” බවද ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා ආණ්ඩුවට කියා සිටියේය .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .