රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයට පත් ආණ්ඩුව කතෝලික පල්ලියකට බෝම්බ තියන තුරු නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විම පිළිබඳ ජනතාවට පැහැදීමක් නොමැති බව ද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

ඊයේ රාත්‍රී ප්‍රහාරයට ලක්වු ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගිය කාවින්ද ජයවර්ධන මහතා අද මේ බව කියා සිටියේය.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ පැහැදිලි විස්වාසයක් නොමැති බවයි ඒ මහතා කියා සිටියේ.

ඒ වගේම පසුගියදා අනුර කුමාර දිසානායක මහතාට ද එල්ලකල බිත්තර ප්‍රහාරය සම්බන්ධයෙන් ද, අද වන තෙක් සාධාරණ පරික්ෂණයක් නොවූ බව ද, පැවසීය .

ඔහු තවදුර කියා සිටින්නේ නඩුත් හාමුදුරුවනේගේ බඩුත් හාමුදුරුවන්ගේ බවයි. නීතිය ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ තමන්ට විස්වාසයක් නොමැති බවත් මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් නැවැත්වීමට ඉදිරියේදී සමගි ජන බලවේගය විසින් ජනතාව පෙළගස්සන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කලේය .