ආණ්ඩුව මාධ්‍ය මර්දනය ආරම්භ කළ ඇති බවත් චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පහරදීම ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදු කිරීමට නිල ආණ්ඩුවේ අනුග්‍රහයක් තිබිය යුතු යන්න සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි .

මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

“රාත්‍රියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට පහරදීමක් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදු කර තිබෙනවා. මෙහි තිබෙන බරපතළකම ඒ කණ්ඩායම පැමිණිලා තිබෙන්නේ සුදු වෑන් රථයකින්. එසේ පැමිණිලා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ගල් ගහලා අහසට වෙඩි තබලා විවිධ කරදර කළ ඇති බව මන්ත්‍රීවරයා පවසා සිටියේය .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“ඒ තුළින් පේන්නේ නාගරික ප්‍රදේශයක් තුළ මේ ආකාරයෙන් අවි ආයුධ අරගෙන ප්‍රසිද්ධියේ හැසිරෙන්න සාමාන්‍ය කොට්ඨාසයකට බැහැ. ඒකට නිල ආණ්ඩුවේ අනුග්‍රහයක් තිබිය යුතුමයි. ඒ නිසා මෙවැනි සිදුවීම් කිහිපයක් පහුගිය දවස් වල සිදුවුණා විශේෂයෙන්ම ආණ්ඩුව මාධ්‍ය මර්දනය ආරම්භ කරනවා කියන එක පැහැදිලි වෙනවා එයට පසුගිය කාලයේ සමාජ මාධ්‍ය මර්දනය සඳහා ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග තුළත් ආණ්ඩුවට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම වැනි සෙයට එරෙහිව සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරය කටයුතු කරල තිබෙනවා නම් වෙබ් අඩවි වල යම් යම් පලවෙච්ච ප්‍රවෘත්ති දිහා බලලා ඒ පිටිපස්සෙ පන්නන්න පටන් ගත්තා. විශේෂයෙන් ආණ්ඩුව කෝවිඩ් මර්දනය පැත්තකින් තියලා එම කාලය තුළ හෙව්වේ කවුද සමාජ මාධ්‍ය ජාලා තුළ සහ වෙබ් අඩවි වල ආණ්ඩු විරෝධී ක්‍රියා දාම වල යෙදෙන්නේ හා ප්‍රචාර වල යෙදෙන්නේ කියලා .මේක කණගාටුදායක තත්ත්වයක්. මෙවැනි සිදුවීම් ගණනාවක් පහුගිය දිනවල සිදු වුණා විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම්, බිය ගැන්වීම් සිදුවුනා . ඊයේ රාත්‍රියේ චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට සිදු වුණා වගේ සිදුවීම් වාර්තා වෙලාත් තිබෙනවා එම නිසා දැඩි ලෙසම මේ කාරණය අපි හෙළා දකිනවා .මේකෙන් පෙන්නන්නේ සුපුරුදු ලෙස නැවතත් චෞර රාජ්‍යයක ආරම්භයක් නැවත වතාවක් ආණ්ඩුවේ අභ්‍යන්තර ඇත්ත තත්ත්වය එළියට එමින් තිබෙනවා. මාධ්‍ය මර්ධනයට සූදානම් වෙන්නේ ඇයි කියලා අපට තේරුම් ගන්න පුළුවන්. ඔවුන්ට හිසරදයක් වෙමින් තිබෙනවා මේ වෙනකොට ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ මතය විවිධ ආකාරයෙන් රූපවාහිනී ,ගුවන්විදුලි පුවත්පත් පමණක් නෙමෙයි සමාජ මාධ්‍ය ජාල හරහා විශාල ලෙස ප්‍රචාරය වෙමින් තිබෙනවා නම් එය මර්දනය කරන්න ආණ්ඩුව බලන්නේ තුවක්කුවෙන් කරන්න පුළුවන්ද කියලා. එහෙම නැත්නම් තර්ජනය කර බිය ගන්වලා පුළුවන්ද කියලා. මේ සිද්ධිය හමුවේ විශ්වාස කරනවා ආණ්ඩුව විශාල අනා ගැනිල්ලකට යන බව. ආණ්ඩුව මේ ආකාරයෙන් කටයුතු කිරීම හරහා ආණ්ඩුව ජනතාවගෙන් තවදුරටත් ඈත් වෙනවා පමණක් නෙමෙයි. මේ සිදුවීම හරහා ආණ්ඩුව තව චෝදනාවක් ජාත්‍යන්තර වශයෙනුත් එල්ලවීමයි. එම නිසා ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවට එරෙහිව මත ප්‍රකාශ කරන අදහස් ප්‍රකාශ කරන අයට ඉඩක් තිබිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ප්‍රකාශ කිරීමේ තිබෙන අයිතියක් එවැනි අවස්ථාවක මාධ්‍ය මර්දනයකට යළි ආණ්ඩුව තුවක්කුවකි අරගෙන සූදානම් වෙනවා නම් මාධ්‍යවේදීන් බිය කරන්න ඔවුන් නතර කරන්න උත්සාහ කරනවා නම් ඒකට ඉඩ දෙන්න සමගි ජන බලවේගයට පුළුවන් කමක් නැහැ. අපි ඒ සියලු දෙනා වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නෙමෙයි දේශපාලන මතය කුමක් වුවත් කුමන පක්ෂයක වුවත් එම වැඩ කටයුතු සඳහා මෙවැනි බාධාවන් කරනවා නම් එය දැඩිලෙස හෙලා දකින බව” මන්ත්‍රීවරයා පැවසීය .

“පහුගිය දවස්වල දකින්න ඇති ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට බිත්තර ප්‍රහාරයක් එල්ල කළා. ඒ මොහොතේම එම ස්ථානය සිට කණ්ඩායමක් එම පුද්ගලයන් අල්ලගත්තා දැන් අපි අහනවා කෝ ඒ පරීක්ෂණවල ප්‍රතිඵල .?අපි දුටුවා ඒ අල්ලගත්තා කණ්ඩායම් යම් යම් ප්‍රකාශ කර තිබුණා යම් යම් පුද්ගලයෝ ගැනත් සඳහන් කරලා තිබුනා ඔවුන් එව්වෙ අහවල් පිරිස් කියලා නම් ගම් ඇතුව කියලා තිබුණා. හැබැයි ඒ පරීක්ෂණ ඔක්කොම යට ගිහිල්ලා. ඒවා ඉදිරියට එන්නේ නැහැ .ආණ්ඩුව මොකටද මේ ලෑස්ති වෙන්නේ ජනතාවගෙ ප්‍රශ්න විසඳනවා වෙනුවට රටේ මූලික ප්‍රශ්න විසඳන්න ආණ්ඩුව උත්සාහ නොගෙන යළිත් වතාවක් මර්දනය තර්ජනය රටට ගේන්න උත්සාහ කරමින් තිබෙනවා. එය ජනතාවත් අපිත් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී සියලු ප්‍රවාහයන් මේ ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ සඳහා පෙළ ගැහෙන්න අපි සූදානම්. චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අවිආයුධ රැගෙන තර්ජනය කරපු කණ්ඩායම් පිළිබඳ වහාම පරීක්ෂාකර බලා ඒ අයට විරුද්ධව ක්‍රියා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි කියන්නේ ආණ්ඩුවේ සම්බන්ධයක් නොමැති නම් ආණ්ඩුවට පුළුවන් පැහැදිලි ලෙස අපක්ෂපාතීව ක්‍රියා කරලා අදාල පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනෙන ලෙස ද, තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ආණ්ඩුවට කියා සිටියේය .