ඉදිරි මැතිවරණයේදී රටේ තරුණ පරම්පරාව මීට වඩා බුද්ධිමත්ව ඡන්දය භාවිතා කළ යුතු බවත්, ඉකුත් මැතිවරණයේදී පවා රටේ තරුණ පරම්පරාව රැවටීමකට ලක්වූ බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

පවත්නා දේශපාලන සංස්කෘතිය වෙනස් නොකළහොත් මේ රට කිසිදිනෙක සංවර්ධනය ‌කළ නොහැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එමනිසා ඉදිරියේදී ඡන්දය භාවිත කිරීමේදී පක්ෂ පාට නොසලකා රට සංවර්ධනය කළ හැකි පිරිසක් පත්කරගැනීමට පියවර ගන්නා ලෙසද ඒ මහතා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.