රට වැටිල තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා දරන සෑම උත්සාහයකම අපි නිරන්තරයෙන් ම සහාය පළ කරන බව ඊයේ (08) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පැවසීය.

ඒ පළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා.

පසුගියදා ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡාවේදී ඉල්ලීමක් කරා සර්වපාක්ෂික රජයට සහාය දෙන්න කියලා එහිදී අපි සමගි ජන සන්ධානය හැටියට කාරණා ගණනාවක් ජනාධිපතිතුමාට අවධාරණය කළා එහි පළමු කාරණය රට වැටිල තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා දරන සෑම උත්සාහයකට අපි නිරන්තරයෙන් ම සහාය පළ කරන බව.එහිදී අවධාරණය කළ මූලික කාරණා කිහිපයක් තියෙනවා මේ වෙනකොට ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් හදිසි නීති රෙගුලාසි පනවමින් මර්දනයට සූදානම් වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරා හදිසි නීතිය ඉවත් කරලා සාමාන්‍ය නීතිය යටතේ රට පාලනය කරන්න එහෙම නැතුව හදිසි නීති යොදාගෙන නැගෙන විරෝධතාවයන් සහ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පාලනය කරන්නත් ජනතාවගේ මූලික නිදහස අහිමි වෙන ආකාරයට ක්‍රියා කිරීමටත් උත්සාහ නොකරන ලෙසත් අරගලකරුවන් දඩයම් කිරීමට ආණ්ඩුව දරන උත්සාහය නොකරන්න කියලා කිව්වා හේතුව දිගින් දිගටම අරගලයේ යෙදුණු කණ්ඩායම් දඩයම් කිරීම සඳහා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දිනවල මෙහෙයුමක් දියත් කරනවා එය කණගාටුදායක තත්ත්වයක් මොකද මේ රටේ අපරාධ වැඩි වීම වලක්වන්න නෙමෙයි ඔවුන් උත්සාහ කරන්නේ අරගලයේදී කණ්ඩායම් මර්දනය කරන්න සහ බිය ගන්වන්නයි. එහිදී අපි ඉල්ලීමක් කරා අරගලයේ යෙදුණු කණ්ඩායම් මෙලෙස අත්අඩංගුවට ගැනීම් කරන්න එපා ඔවුන් අරගලයේ යෙදුණේ මූලික අරමුණක් ඇතිව බව එය මේ රටේ system change එකක් හදන්නත් දැඩි පීඩනකාරී තත්ත්වයෙන් රට යම් ආකාරයට මුදවාගන්න කියන ඉල්ලීම අනුව අරගල යෙදුණු කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම අත්හිටුවන්න ඕන. ඒ වගේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සමගාමීව ප්‍රතිසංවිධාන වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලත් අපි ඉල්ලීමක් කරා 22 සංශෝධනය යළි බලාත්මක කරන්න ඒ තුළින් 19වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන මූලික ලක්ෂණ සියල්ල එලෙසම නැවත වතාවක් ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරා එහිදී දැනට ඉදිරිපත් කරන විසි දෙවැනි සංශෝධනය ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කිරීම සඳහා පුද්ගලයන් තෝරා ගැනීමේදී විශේෂත්වයක් තියෙනවා එය තමයි පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සාමාජිකයන් තුන්දෙනෙක් පත් කිරීම කියන කාරණය එහිදී වෙන්නේ පක්ෂග්‍රාහී වීමක් බව පෙන්වා දුන්නා ඒ අවස්ථාවේ ජනාධිපතිතුමා අපිට කිව්වේ ඒ යෝජනාව ඇතුළත් කළේ පොහොට්ටුවේ ඉල්ලීම පරිදි ඒ සමබරතාව ඇති කරන්න නමුත් ඒ ගැන සලකා බලන්න සූදානම් බව එතුමා ප්‍රකාශ කළා.

අපි හැමවිටම සූදානම් රජය මේ රටේ ජනතාවගේ ජන ජීවිතය යළි ස්ථාවර තත්ත්වයකට පත් කරන්න ගන්න ඕනෑම ක්‍රියාමාර්ගයකට උදව් කරන්න ඒ වෙනුවෙන් අපට කළ හැකි ප්‍රධානම විසඳුම තමයි පාර්ලිමේන්තුවේ කමිටු හරහා සහ යෝජනා කරන ආංශික කාරක සභා වැඩපිළිවෙළ හරහා දායක වෙන්න කියන කාරණය මොකද අපිට ආණ්ඩුවකට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ නමුත් අපි කිව්වා පාර්ලිමේන්තු ක්‍රියාවලිය හරහා අපි සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා දරන උත්සාහයට දායකත්වය දක්වන්නම් කියලා ඒ සඳහා අපි යෝජනාවක් වගේම ආදර්ශයක් විදියට පාර්ලිමේන්තුවේ තියෙන කෝපා කමිටුව කෝප් කමිටුව මුදල් කමිටුව ගිණුම් කාරක සභාව පොදු ව්‍යාපාර කමිටු වල ප්‍රධානත්වය විපක්ෂයට දෙන්න ඒත් එක්කම අනෙකුත් කාරක සභා නිසි බලතල ඇතිව පත් කරලා ඒවායේ නියෝජනය සඳහා විපක්ෂයට අවස්ථාව දෙන ලෙසත් ඒ හරහා කිසිදු වරප්‍රසාදයක් නොමැතිව අපි සූදානම් රජයේ යම් ආකාරයකට ජන ජීවිතයට යහපත් වන ක්‍රියාවලියක් කරනවා නම් ඒ සඳහා සහය වෙන බවත් ප්‍රකාශ කළා.

සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂ නායකවරයා, සමගි ජන සන්ධානයේ නායකයා හැටියට විශේෂ කර්තව්‍යක් දුකරමින් තිබෙනවා එය තමයි දානපතියන්ගේ උදව් ඇතුව මන්ත්‍රීවරුන්ගේ ,පුරවැසියන් ගේ උදව් ඇතිව ක්‍රියාත්මක කරන හුස්ම සහ සක්වල වැඩසටහන් දෙක ඒ තුළින් අපේ දායකත්වය දක්වන්නම් කියලා කිව්වා එයට ජනාධිපතිතුමා එකඟත්වයක් පළ කර හුස්ම වැඩසටහනින් කරපු දායකත්වය ගැන එතුමා විශේෂ ස්තුතිය කුත් විපක්ෂ නායක තුමාට සිදුකළා. මේක තමයි අපේ ස්ථාවරය අපි තවදුරටත් කියනවා රට තියෙන්නේ බරපතළ ආර්ථික සමාජීය දේශපාලන අර්බුදයක තවමත් මේ රටේ දූෂණයන් පිළිබඳව ඉන්නේ අවිනිශ්චිත බාවයකින් මිනිස්සු පාරට බැස්සේ ආර්ථික ප්‍රශ්න නිසාම නෙමෙයි ඒත් එක්කම ජීවන වියදම සහ දේශපාලන අරගලයක් තියනවා ක්‍රමය වෙනස් කරන්න කියලා ඒත් එක්කම රටේ සාමාන්‍ය පුරවැසියාගේ සිට සියලු දෙනා කිව්වේ දූෂණයට විරුද්ධව යම් වැඩපිළිවෙලක් ඇති කරන්න කියලා හොරකන් කරපු මුදල් පැහැර ගත්ත මුදල් වංචා කරපු මුදල් යළි රටට ගේන්න පුළුවන් නීති සම්පාදනය කරන්න කියලා මේ වෙනකොට ආණ්ඩුව හදිසි නීති රෙගුලාසි සම්මත කරලා ක්‍රියාත්මක කරමින් තියෙනවා කුමටද මේ මොහොතේ රටේ හදිසි තත්ත්වයක් අපි දකිනවා එහෙම වුවමනාවක් නැහැ මොකද රට යුදමය තත්ත්වයක් හෝ වෙනත් කඩාකප්පල්කාරී තත්ත්වයක් නැහැ දැන් තියෙන්නේ දේශපාලන අරගලයක් එහිදී සාමකාමී නිදහස් දේශපාලන අරගලයක් මර්දනය කරන්න හදිසි නීතිය යොදා ගැනීම ගැන සමගි ජන සන්ධානය දැඩි කණස්සල්ලෙන් පසුවෙනවා. මේ ගැන අපේ විරෝධය දිගින් දිගටම ප්‍රකාශ කරා ජනාධිපතිවරයාගෙන් හදිසි නීතිය පනවන්නේ ඇයි කියලා ඇහුවම එක එතුමා කිව්වේ මේ රටේ මේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණ සඳහා තමයි හදිසි නීති රෙගුලාසි යොදා ගත්තේ කියලා හැබැයි අපිට පේනවා ප්‍රායෝගිකව එය නෙමෙයි වෙන්නේ තැනින් තැන මිනිස්සු දේශපාලනික වශයෙන් අත්අඩංගුවට ගන්න වෘත්තිය සමිති මර්දනය කරන්න විවිධ ආකාරයේ දේශපාලන ක්‍රියාකාරකම් මර්දනය කිරීමට තමයි හදිසි නීතිය මේ මොහොතේ යොදාගෙන තිබෙන්නේ. එහිදී ජනාධිපතිතුමා ගේ කතාවෙන් සිදුවෙන්නේ එය නෙමෙයි ඒ නිසා අපි දැඩි විරෝධය හදිසි නීති රෙගුලාසි නැවත වතාවක් යෙදවීම ගැන විරෝධය පළ කරනවා.විපක්ෂය කරපු ඉල්ලීම අනුව යම් වගන්ති කිහිපයක් සංශෝධනය කළා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා එය අත් අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අපි ඉල්ලන්නේ සම්පූර්ණයෙන්ම හදිසි නීති රෙගුලාසි ඉවත් කරලා රට පාලනය කරන්න පුළුවන් සාමකාමී තත්ත්වයක් තියෙන්නේ බය වෙන්න වුවමනාවක් නැහැ අවිආයුධ වලින් තොර හිංසාවෙන් තොර කෙරෙන අරගලයක් සඳහා හදිසි නීති යොදාගත යුතු නැහැ හදිසි නීතිය යොදා ගත්තා කියලා මේ රටේ අපරාධ අඩු වුණේ නැහැ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන විදිහට පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා මිනීමැරුම් විසිතුනක් සිදුවෙලා තියෙනවා. තැනින් තැන ඝාතන ප්‍රසිද්ධ වෙඩිතැබීම් පොලිස් ස්ථානවලට ගිහිල්ලා එහි ඇතුළෙ මිනීමැරුමක් සිදු කරල උසාවියට ගිහිල්ලා උසාවියේ කූඩුවේ ඉන්න පුද්ගලයෙක් ඝාතනය කිරීමක් සිදු වුණා මේ රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳ බිඳවැටීමක් කොහේද? හදිසි නීතිය යොදා ගෙන තිබියදී පුද්ගල ඝාතන විසි තුනක් මේ වෙනකොට වාර්තා වෙලා තිබෙනවා එය ඉතාමත් නරකයි ඒ විතරක් නෙමෙයි අපරාධ විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා ඒ වැඩි වීම සාමාන්‍ය ජන ජීවිතය බිඳ වැටීමට ප්‍රධාන වශයෙන් බලපාන කාරණයක් මෙවැනි තත්ත්වයක් හමුවේ කොහොමද හදිසි නීති යොදා ගෙන රට පාලනය කිරීම ජන ජීවිතය සුරක්ෂිත කිරීමට හේතුවක් කියලා තර්ක කරන්නේ ඒ නිසා පොලිසිය හා අනෙකුත් ආරක්ෂක අංශ ක්‍රියාත්මක කළ යුත්තේ මෙවැනි නීති වලින් නෙමෙයි හදිසි නීතිය පැහැදිලිව යොදාගෙන තිබෙන්නේ ජනතාව පාලනය කරන්න දේශපාලන බලවේග පාලනය කරන්න වෘත්තිය සමිති ක්‍රියාමාර්ග පාලනය කරන්න මේ නිසා ලෝකඅපවාදයට පවා අපිව ලක්වෙලා.ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ හා යුක්තිය පිළිබඳව අධ්‍යයන අංශයේ මහාචාර්ය නෙරන්ජන් විජේවර්ධන මහතා සඳහන් කරන පරිදි මේ අපරාධ වැඩි වීම හරහා පොලිසියේ ක්‍රියාකාරීත්වය විශාල බිඳ වැටීමකට ලක්වෙලා තියෙනවා හේතුව එය පාලනය කරන්න ගන්න ක්‍රියාමාර්ග අසාර්ථක වෙලා අපි කියන්නේ මෙම හදිසි නීති රෙගුලාසි හකුල ගන්න එය ක්‍රියාත්මක කරන්න වුවමනාවක් නැහැ.

අද වෙනවිට රටේ දවසින් දවස සිදුවන මේ ක්‍රියාවලියත් එක්ක බරපතළ ලෙස ආර්ථිකය බිඳ වැටීමක් ඇති වෙලා අද වෙන විට අපිට චීන නැව වරායට ඇතුළු වෙන්න අවසර දීම හරහා බලපෑම් සිදුවෙලා .රාජතාන්ත්‍රික බරපතළ ගැටුමක් ඇති වෙලා මෙවන් අවස්ථාවක ආණ්ඩුව ටිකක් හිතා මතා වැඩ කරන්න ඕන අපි ඉන්නේ ප්‍රධාන ආර්ථික බිඳ වැටීමේ බරපතළ අභියෝගයක එවන් අවස්ථාවක වටපිටාවේ සිදුවන දේශපාලනය ගැන කිසිවක් නොතකා චීනයේ ආරක්ෂාව පිළිබඳ පරීක්ෂාකරන නැව හම්බන්තොට වරායට ඇතුළු වෙන්න අවසර දීම හරහා සිදුවන්නේ රාජ තාන්ත්‍රික ගැටුමක් බවත් තේරුම් ගත යුතුයි .අපේ නිලධාරීන් මොනවද කරන්නේ මේ සම්බන්ධයෙන් ඉන්දියාව දක්වන ප්‍රබල විරෝධයත් චීනය අපි සමඟ ඇතිකරගන්නා මතභේදය හරහා කොහොමද භූ දේශපාලනය කරන්නේ. මේක අවබෝධ කරගන්න බැරුව ආණ්ඩුව අවසර දෙනවා කිසිදු ආකාරයක ඇගයීමක් නොකර දැන් එය අවලංගු කරනවා ඒ හරහා චීනයේ බලපෑම් ඇතුළු වෙන්න ඉඩ දුන්නා නම් ඉන්දියාවෙන් ඇතිවෙන බලපෑම් කොයි විදියට අපට බලපානවා ද පසුගිය කාලේ ඉන්දියාව යම් ආකාරයක ආර්ථික සහන වැඩපිළිවෙලකට අපට උදව් වුණා ඒත් එක්කම අපිට ඉන්දියාව තරහ කර ගන්නත් බෑ චීනේ තරහ කර ගන්නත් බෑ එවන් අවස්ථාවක රාජතාන්ත්‍රික නිසි පිළිවෙත් පිළිපැදීම නිසා අද රට මුහුණ දෙන දැවැන්ත ජාත්‍යන්තර ගැටුම් කාරී තත්වයකට පත්වෙලා ආණ්ඩුව එය නොකළ යුතු දෙයක් මේ තත්ත්වය හමුවේ එය විසඳා ගැනීමට ක්‍රියා නොකරොත් බරපතළ තත්ත්වයක් මතු වෙනවා රුසියාවේ ගුවන් යානයට කරපු වැඩේම චීනයෙ අපි අනුගමනය කරපු ක්‍රියාවලියෙන් අපට එල්ලවන තර්ජනයක් බරපතලයි මොකද අපි කුඩා රටක් ඒ විතරක් නෙමේ මේ මොහොතේ මුහුණ දෙන අභියෝගයන් හමුවේ කොහොමද මේවා සමනය කරගන්නේ. විදේශ ප්‍රතිපත්තිය සමබරතාවයක් නොමැතිකම තමයි මෙහි මූලික හේතුව අපි සමබර විදේශ ප්‍රතිපත්තිය හිටියනම් මේ තත්ත්වයට අපි මුහුණ දෙන්නේ නෑ තීරණ ගන්න ඉස්සර වෙලා ඒවා ගැන සලකා බැලුවනම් ගැටුමකට යන්නේ නෑ අවාසනාවකට දැන් ගැටුමකට ගිහිල්ලා ඉවරයි අපි ඉල්ලා සිටිනවා යම් ආකාරයක තවදුරටත් රාජ තාන්ත්‍රික ගැටුමක් බවට පත් කර ගන්නේ නැතුව චීනය ඉන්දියාව සමග සාකච්ඡා කරලා ප්‍රශ්නය විසඳගන්න නැති උනොත් ආර්ථික අභියෝග මැද අපි තවත් නරක තත්වයකට පත්වෙනවා.

අද රටේ තත්ත්වය කනගාටුදායකයි වාර්තාවක තිබෙනවා සෑම දිනකම ශ්‍රී ලාංකිකයන් 777 විදේශගත වෙනවා කියලා එය සංචාරකයෝ නෙමෙයි දරිද්‍රතාවය ආදායම් නොමැති කම විරැකියාව රටේ ආරක්ෂිත බව බිඳ වැටීම කාරණා නිසා සෑම දවසකම ශ්‍රී ලාංකිකයන් පුරවැසියන් මෙච්චර ප්‍රමාණයක් විදේශගත වෙනවා කියන්නේ එය සෑම පැයකටම තිහක් රටින් පිට වෙනවා ඇයි මෙහෙම පිටවෙන්නෙ රට හොඳයි නම් එහෙම පිටවෙන්නේ නෑ මිනිස්සුන්ගේ දරිද්‍රතාවය සහ ආදායම් මාර්ග බිඳවැටීම මූලික කාරණයක් ඒත් එක්කම රටේ ආරක්ෂිත තත්ත්වය ගැන කිසිදු විශ්වාසයක් ලාංකිකයන්ට නැති තත්වයට රට පත් වෙලා කොහොමද රට හදන්නේ මුලින්ම අපි කෙරෙහි විශ්වාසයක් ඇති කරන්න ඕන රට ගොඩ නැගෙනවා කියලා විශ්වාසයක් තියෙන්න ඕන එසේ දැනෙන්නෙ නැති මට්ටමකට රටේ දැන් තියෙන්නේ මේ නිසා අපි තවදුරටත් රටට ජාතික වැඩපිළිවෙළක් නොමැතිව යන්න බැහැ විදේශ සංචිත බිංදුවට වැටෙන කොට අපිට ලැබෙන සංචිත වාර්තා පිළිබඳව දැක්කම පුදුම වෙනවා විදේශශ සංචිත හීන වේගෙන එනකොට ඇමරිකාවෙන් යුරෝපා සංගමයෙන් චීනයෙන් ඉන්දියාවෙන් වෙනත් රටවලින් ලැබෙන විදේශ ආධාර ණය ක්‍රියාත්මක කළ යුත්තේ කෙලෙසද අත්‍යවශ්‍ය දේවල් සඳහා යොදනවා වෙනුවට පහුගිය කාලේ කරලා තියෙන්නේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති වලට ඒ සල්ලි වලින් සියයට විස්සක් යොදවලා ඒ මොහොතේ අවශ්‍ය ප්‍රාග්ධන වියදමක් නෙමෙයි මොනතරම් පහතට ගිහින්ද දැන්වත් අපි ඉල්ලා සිටිනවා රට යම් ආකාරයට ජාතික වැඩපිළිවෙළ කරගෙන යන්න ඒකයි අපි ජනාධිපතිතුමාට කිව්වේ අපි විපක්ෂයක් විදියට රටට ආදරේයි අපිට ඕන ජනතාව යළි නැගී සිටිනවා දකින්න රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා දකින්න එයට කළ යුතු එකම දේ එහෙන් මෙහෙන් අහුලගෙන ආණ්ඩුව ඇතුළේ ඇමතිකම් බෙදා ගෙන නඩත්තු කරන එක නෙමෙයි කළ යුත්තේ ජාතික වැඩපිළිවෙළක් හදන එක හා සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ජාතික වැඩපිළිවෙළක් ගොඩනගන්න ඒකට ඕන හදිසි කාරණා ටික ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්න ටික බලලා ඒවට විසඳුම් දෙන ආකාරය ගැන පක්ෂ නායකයින් එක්ක කතා කරලා යම් වැඩපිළිවෙලකට පාර්ලිමේන්තුව සම්බන්ධ කරගන්න පුළුවන් එවැනි වැඩපිළිවෙළක් හැර පක්ෂ භේද කරලා කරන ව්‍යාපෘති වලට නම් සමගි ජන සන්ධානය කිසිසේත් සම්බන්ධ වෙන්නේ නැහැ කියන එක වගකීමෙන් කියනවා.

ආණ්ඩුව ඒ අස්සේ පුද්ගලික රාජ්‍ය ආයෝජන කියලා බද්ධ කරගෙන සහයෝගීතා ව්‍යාපාර ගොඩනඟන්න යනවා කියලා ලොකු ප්‍රචාරයක් කරමින් තිබෙනවා. පහුගිය පළවෙනිදා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඒ තුළින් කියන්නේ රජය සහ දුම්රිය දෙපාර්තමේන්තුව භෞතික සම්පත් විකිණීම පිළිබඳ යෝජනාවක් අපි කියන්නේ එවැනි වැඩපිලිවෙලකට අපි යන්න ඕන හැබැයි මහජනයා සතු දේපළ ඒ හරහා මංකොල්ල කන්න යනවා නම් වැරදියි එයට නියාමනයක් ඇති කරන්න ඕන භෞතික සම්පත් යම් ආකාරයක යොදා ගන්නවා නම් එය විනිවිද භාවයක් තියෙන්න ඕන එහෙම නැතුව එක එක කෙනාට විකිණීම සඳහා සටන් පාඨයක් කරගන්න එක බරපතළ වරදක් මෙම කැබිනට් පත්‍රිකා ඇතුළත් කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන භෞතික සම්පත් සියල්ල කුණු කොල්ලෙට විකුණලා දාලා ඔන්න අපි සහයෝගිතා වැඩපිළිවෙළක් පටන් ගත්තා කියන්න මෙය රාජ්‍ය ආයතන පනහකට විතර වෙන්න පුළුවන් දැනට එවැනි රාජ්‍ය ආයතන හඳුනාගනිමින් තිබෙනවා රජයේ භාණ්ඩාගාරය බර දරන්න බැරි වියදම් අධික රාජ්‍ය ආයතන පනහකට අධික ප්‍රමාණයක් පෞද්ගලික රාජ්‍ය සහයෝගීතා ව්‍යාපාර බවට පරිවර්තනය කරන්න හදනවා අපි කියනවා එහෙම කරනවා නම් එය කළ යුත්තේ යම් ආකාරයක නිශ්චිත වැඩ සටහනකට අනුව විනිවිදභාවයකින් යුතුව සියල්ල සිදු කළ යුතුයි.එසේ නැතිව අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන පාඩු ලබනවා කියලා පෙන්වමින් භාණ්ඩාගාරයට බරක් කියලා පෙන්වා මේ ආකාරයට පෞද්ගලික අංශයට කුණු කොල්ලයට විකුනන්න යනවා නම් එය සම්පූර්ණ වැරද්දක් සමගි සන්ධානය කිසිසේත් විරුද්ධ නැහැ පෞද්ගලික රාජ්‍ය සහයෝගිතා ව්‍යාපාර කරනවට අද ලෝකයේ යන්නේ එහෙමයි හැබැයි එහෙම යනවයි කියලා මේවා කුණුකොල්ලෙට විකුණා දමන්න උත්සාහයක් දරනවා නම් ඒකට විරුද්ධව අපි නැඟී සිටිනවා.