මැයි නමය ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ රාජපක්ෂලාට එරෙහිව කෝ පරීක්ෂණ ?

පසුගිය මැයි නව වැනිදා රාජ්‍ය ප්‍රචණ්ඩත්වය අතට ගෙන කටයුතු කළ රාජපක්ෂලාට සහ එම මැර කණ්ඩායම් වලට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේදැයි තමන් ප්‍රශ්න කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ වෙනුවට ආණ්ඩුව සිදු සිදු කරමින් සිටින්නේ දමිතා අබේරත්න වැනි කලා ශිල්පිනී යන්න යන තරුණ තරුණියන් අත්අඩංගුවට ගනිමින් රාජ්‍ය මිලේච්ඡත්වය ප්‍රදර්ශනය කිරීම බව පැවසූ විපක්ෂ නායකතුමා,එවැනි ප්‍රචණ්ඩත්වය ක ට කිසිසේත් ඉඩදිය නොහැකි යැයිද පැවසීය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් බැලීම පිණිස අද(10) ගිය විපක්ෂ නායකතුමා ඉන් අනතුරුව මාධ්‍ය අමතා මේ බව පැවසීය.

තම තමන් විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදී මතයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය ආණ්ඩුවකට හෝ කිසිවකුට උල්ලංඝනය කිරීමට නොහැකි බවත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකතුමා පැවසීය.