අපේ රට සෞභාග්‍ය සම්පන්න දේශයක් ලෙස පැවතියත් වර්තමානය වන විට එට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත් භාවයෙන් ගොඩ එ්මට ආර්ථිකය වර්ධනය කරනවා වෙනුවට වත්මන් රජය ආර්ථිකය සංකෝචනය කරමින් සිටින බවත් පොලි අනුපාත වැඩිකර ව්‍යාපාර පවා රජය විසින් වට්ටවමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මර්ධන නීති

මෙවැනි තත්ත්වයක රට පවතිද්දි වත්මන් රජය විවිධ නීති රීති හරහා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය උල්ළංඝනය කරමින් සිටින බවත් මේ වන විට ජනතාවට ඇත්ත ගෙන එන නිදහස් මාධ්‍ය ආයතන පවා මර්ධනය කිරීමේ නීති ගෙන එන බවත් එම නීති හරහා තමන්ව විවේචනය කරන මාධ්‍ය ආයතන මර්ධනය කිරීමට උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද උදාවක ඇරබුම අරලගන්විල දම්මින්න ඉහල වැව ප්‍රදේශයේ මැටි කර්මාන්තකරුවන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අතරතුර ය.

එසේම නව පනත් හරහා ජනතාව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීමට සූදානම් බවත් මොවුන් මේ පනත් හරහා ජනතාවට ලබා දිය හැකි උපරිම හිංසනය ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

මිනිසුන් ජීවත් කරවන්න රට වැටුනු තැනින් ගොඩ ගන්න කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා මේ රජය දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරන වැඩ කටයුතු කරමින් සිටින බවත් මේ තත්ත්වය වහා වෙනස් කල යුතු බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩිදුරටත් පැවසීය.