ETF හා EPF අදමුදල් සදහා 25%ක අධිභාර බද්දක් ආණ්ඩුව විසින් පැනවීමට තිරණය කළාත් එය ඊයේ දිනයේදී විපක්ෂයේ බැලපැම මත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ කැබිනට් හමුවේදී ඉවත් කළ ගෙන ඇති බව සමගි සේවක සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ ලක්ෂයේ වැඩසටහනට අවශ්‍ය කෝටි 10,000 න් කෝටි 7500ක් සොයා ගැනිමට මෙමගින් ආණ්ඩුව බලාපොරොත්තු වු බවයි .

මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටින්නේ කෝටි 7500ක් සොයා ගැනීම සදහා ETF හා EPF අදමුදල් සදහා 25%ක අධිභාර බද්දක් පැනවීමට හැකිද යන්න, ආණ්ඩුව මුට්ටිය දමා බැලු බවයි .

මෙම ETF හා EPF අදමුදල් සදහා 25%ක අධිභාර බද්ද පිළිබඳ පසුගියදා සමගි සේවක සංගමය විසින් අත්පත්‍රිකා බෙදිම මගින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේය.

සටහන – CJ