මහ බැංකුවේ ආන්දෝලනාත්මක වැටුප් වැඩිකිරීම පිළිබඳව අනෝන්‍ය විසඳුමක් ලබාගන්නා තුරු වැටුප් වැඩිකිරීම කල් දමන්නැයි මුදල් කාරක සභාව නිර්දේශ කළා.

මෙහිදී, මහ බැංකුවේ ස්වාධීනත්වයට හානියක් නොවන පරිදි ගැටලුව පරීක්ෂා කර සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා ස්වාධීන කමිටුවක් කඩිනමින් පත්කරන්නැයි මුදල් කාරක සභාව නිර්දේශ කළ අතර එම කමිටුවේ වාර්තාව සති 04ක් ඇතුළත ඉදිරිපත් කරන්නැයිද කාරක සභාව නිර්දේශ කළා.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ පිළිබඳව මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්පූර්ණ පහත විදියෝවෙන් නරඹන්න.