online පනත සම්මත කරගැනීමට ආණ්ඩුවට අනීතික ලෙස පක්ෂපාතිත්වයක් දැක්වීම ආධී කරුණු කිහිපයක් මුල්කරගනිමින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන තුන්වන දිනය අදයි.

ඒ අනුව අද (21) පෙරවරු 9.30 සිට 4.30 දක්වා එම විවාදය පැවැත්විමට නියමිතව තිබෙනවා.

එසේම විවාදය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීමද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.