ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ලද වාහන හතළිහක් පමණ අතුරුදහන් වී තිබේ.

අදාල වාහන ඉකුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ සේවය සඳහා අනුයුක්තව කර තිබු වාහන වන අතර, මිට පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේ ද ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබු වාහන කිහිපයක් මෙලෙස අතුරුදහන්ව තිබුණා.

එම කාර්යාලයට විවිධ වර්ගයේ වාහන 749ක සංචිතයක් ඇති අතර අතුරුදන්ව ඇත්තේ එම වාහන සංචිතයේ තිබූ වාහනයි.

එම වාහන ට සිදු වූයේ කුමක් දැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් හෙළිවී නැත.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ මෝටර් රථ 17ක්, යතුරුපැදි 12ක්, සිංගල් කැබ් 06ක්, ඩබල් කැබ් දෙකක් හා අනෙකුත් වර්ගයන්හි වාහන තුනකි.