‘සමගි රටක් අනගි හෙටක්’ තේමාවෙන් පවත්වන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට මේවන විට සියලුම කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

එතුමා මේ පිළිබඳව වැඩිදුරටත් කියා සිටියේ,

“සමගි ජනබලවේගයේ මැයි රැළිය කොළඹ නගරය මූලික කරගෙන පවත්වන්න මේ වනවිට සියලු කටයුතු සුදානම් කරලා තිබෙනවා. එම මැයි දින රැළියට ලක්ෂයකට වැඩි පිරිසක් ගේන්න මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. සමගි ජනබලවේගයේ මැයි රැළිය කොළඹ කොටුවේ චැතම් වීදියේ පවත්වන්න කටයුතු කරලා තිබෙනවා. සමගි ජනබලවේගයේ මැයි දින පෙළපාලිය ගුණසිංහපුර ක්‍රිඩාංගනයෙන් දවහල් 1.00 ට ආරම්භ කරනවා. සමගි ජනබලවේගයේ මැයි දින රැළිය ඓතිහාසික මැයි දින රැළියක් බවටත් පත්කරනවා. ඒ සඳහා පක්ෂයේ සංවිධායකයන් සහ පක්ෂ නායකයින් වැඩ කරගෙන යනවා. වාර්තාගත මැයි දින රැළියක් සමගි ජනබලවේගය පවත්වනවා. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදි බලවේග සහ සියලු ජනතාවට ආරාධනා කරනවා. සමගි රටක් අනගි හෙටක් තේමාවෙන් පවත්වන මැයි දිනයට සහභාගි වෙන්න කියලා”