ගෝඨා ගෝ හෝම් අරගලය ජයග්‍රාහී ස්ථානයකට පැමිණෙද්දී මන්ත්‍රීවරුන් මුදල්වලට ගෙන ආණ්ඩුව රැකගැනීමේ නීච උත්සාහයක් දියත් වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා කීය.

සමගි ජන බලවේගයේ උන්මත්තකයන් නොවන, ප්‍රතිපත්තිගරුක දේශපාලකයන් පක්ෂ ප්‍රතිපත්ති සමග සිටින බව ඒ මහතා කීය.