රාජපක්ෂවරුන්ගේ හයියෙන් මුදල් හම්බකරගත් පිරිස් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත‍්‍රීවරුන් බවට පත්ව සිටින බවත්, පාර්ලිමේන්තුව යනු බුද්ධියෙන් වැඩ කළ යුතු තැනක් මිස අතේ පයේ හයියෙන් වැඩ කළ යුතු තැනක් බව ඔවුන් නොදන්නා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න පැවසුවේය.

පාර්ලිමේන්තුව වර්ජනය කළ සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැුස් කරමින් සිය අදහස් ඉදිරිපත් කරමින් සිටින  අතර එහිදී ඔහු මේ බව සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා මෙසේද පැවසුවේය.

පසුගිය සතිය පාර්ලිමේන්තු ඉතිහාසයේ ඛේදජනක සතියක්. පාර්ලිමේන්තුවේදී අපි නොයෙකුත් සිදුවීම් දැක තිබෙනවා. වාද විවාද කරනවා. ඇණුම් බැණුම් කරනවා. වාග් ප‍්‍රහාර, චරිත ඝාතන තියෙනවා. වැරදි දෙයක් වුනාම කතානායකවරයා මැදිහත්වෙලා ප‍්‍රකාශය ඉවත් කරගන්නවා. මේක තමයි පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග තියෙනවා. ඒකට යටත්ව තමයි පාර්ලිමේන්තුව ක‍්‍රියාත්මක වෙන්නේ. සමහර මන්ත‍්‍රීවරු කරන ප‍්‍රකාශ වැරදි නම් ඒවා හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරිමට කතානායකවරයාට බලය තියෙනවා. මේ සියලුම අවස්ථාවන් තිබියදී යම් ප‍්‍රකාශයක් කළා යැයි පහර දෙන්න ඔ්න නෑ.

පාර්ලිමේන්තුව මැදට බැහැපු අය ? එළිවෙනකම් හිටියා. නමුත් ඉතිහාසය පුරාම කිසිම මන්ත‍්‍රීවරයෙක්ට විරුද්ධව ප‍්‍රචණ්ඩත්වය ක‍්‍රියාත්මක කරන්න ගියේ නෑ. කණ්ඩායම් පිටින් ඇවිත් පහරදෙන්න ගියේ නෑ.

පාර්ලිමේන්තුවට එන්නේ මොලේ ඇති අය මිස අතපය හයිය අය නෙමෙයි. මෙතැන අතපය යොදාගෙන නෙමෙයි බුද්ධිය යොදාගෙන කටයුතු කරන තැනක්.

මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයාගේ කතා ඉතාමත් පැහැදිළියි. සරලයි. තර්කයක් ඉතාමත් පැහැදිළිව ගොඩ නගනවා. ඒ නිසා මනුෂගේ කතා අහන්න ගොඩක් අයට අමාරු ඇති. මේක මම නෙමෙයි මේ කතා අහන හැම දෙනාම දන්න කරුණක්. ඒකට යම් කිසි දෙයක් තියෙනවා නම් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව කටයුතු කළ හැකියි.

ඉතාමත් වැරදි ක‍්‍රියාවක් කළා නම් මන්ත‍්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කාලය තහනම් කළ හැකියි. අනුර බණ්ඩාරනායකගේ උපන්දිනය දවසේ කතානායක ආසනය ඉදිරිපිට මල් වඩමක් තැන්පත් කළා. නමුත් ඒකට කවුරුවත් වාසුදේව නානායක්කාරට පහරදෙන්න ගියේ නෑ.

රාජපක්ෂවරු යටතේ මුදල් හම්බකරගත් අය පාර්ලිමේන්තුවට ඇවිත් පසුපෙළ මන්ත‍්‍රී ආසනටික පුරවාගෙන ඉන්නවා. පාර්ලිමේන්තුවත් අතේ පයේ හයියෙන්, මැර බලයෙන් දුවන්න ඔ්න තැනක් කියලා තමයි ඒ අය හිතන්නේ. මේක බුද්ධියේ හයියෙන් දුවන්න ඔ්න තැනක් කියලා ඒ අය දන්නේ නෑ.

මනුෂ මන්ත‍්‍රීතුමාට පහරදීම හා පාර්ලිමේන්තුවේ පිළිගත් සම්ප‍්‍රදායන් කඩමින් නරක ලෙස පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් කැඩිමට එරෙහිව පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙලා ලෝකයටම ප‍්‍රකාශයක් කරනවා. බුද්ධියක් නැති අයට මේක ලෝකයට යන බව දන්නේ නෑ. ඔවුන් එහෙම සමාජ විඥාණයක් ඇති අය නෙමෙයි.

අද ආණ්ඩු පක්ෂයේ චාරය මොකක්ද කියලා බලාගන්න පුලුවන්. මොන තත්වයකට ආණ්ඩුව පත් වෙලා තියෙනවාද කියලා බලන්න පුලුවන්. ආණ්ඩුව මෙහෙවන අධ්‍යාපනයක් නැති, සමාජ විරෝධී කටයුතු කරන අයට ආණ්ඩු පක්ෂය මෙහෙවීමට දුන් විට පිටුපස ඉන්න අය ගැන කතා කරලා වැඩක් නෑ.

මේ ආණ්ඩුව බලයේ ඉන්නේ පාර්ලිමේන්තුව තුළ හා පළාත් සභා තුළත් පමණයි. ආණ්ඩු බලය තුළ මුදල් හම්බකරන්න පුලුවන් අය ඉන්න නිසා ආණ්ඩුව තියාගෙන යනවා. ආණ්ඩු පක්ෂය තුළ ඉන්න වැදගත් අය මේ රජය වෙනස් කරන හැටි ගැන අපි එක්ක කතා කරනවා. මේකට ආණ්ඩු පක්ෂය ඇතුලේ විරෝධයක් තියෙනවා. ඒක තීරණාත්මක අවස්ථාවකදී එළියට එනවා. අද මේ ආණ්ඩුව මහජනතාව අතර පිළිකුලට පත් වෙලා තියෙනවා.

ආණ්ඩුවේ කී දෙනෙක් මහජනතාවගේ ගුටි කන්න ගියාද. හම්බන්තොටින් ආපු මන්ත‍්‍රීකෙනෙක් හොර දොස්තරයා කියලා කියන විට අමාරුවෙන් බේරිලා ගියා. ගාල්ලේ රාජ්‍ය ඇමැතිවරයෙක්ට මිනිස්සු හෙල්මට් එකෙන් ගැහුවා. මහජන විරෝධය ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන්ට එල්ල වෙනවා.