ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවක් කැදවා තිබෙන බවත් එයට දකුණු ආසියාවේ රටවල් 7න් ,4ක් කැඳවා තිබෙන බවත් එම රටවල් අතර පකිස්ථානය, චීනය ,මාලදිවයින සහ නේපාලය ඇති බවත්. ඒ සදහා ශ්‍රී ලංකාවට ආරාධනා කර නැති අතර එහි බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය ත් වන බවත් එයට හේතුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති බව ඇමෙරිකාව තීන්දු කර නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

මේ ආණ්ඩුව හිතාගෙන ඉන්නේ චීනය අපේ රටට ඕන තරම් උදව් කරයි කියලා චීනයට කඩේ ගිය බවත් චීනයෙන් දැන් උදව් ලැබෙන්නෙත් නැති බවත් චීනය ලබා දෙන්නේ ඩොලර් නොව යුවාන් වලින් නිසා ආණ්ඩුවට කර ගන්න දෙයක් නැති වී ඇති බව පැවසීය.

ඒ වගේම චීනයෙන් ගෙනාපු කාබනික පොහොර නැවේ ප්‍රශ්නය නිසා චීනය විරසක වී ඇති බවත් යුගදනවි බලාගාරය 40% ක කොටස් ඇමරිකාවට ලබාදීමත් ගෑස් ඒකාධිකාරිය ඇමරිකාවට ලබාදීමත් නිසා චීනය විරසක බවත් යුගදනවි බලාගාරයට අවශ්‍ය පාවෙන ගෑස් නැව නවත්තන්න වෙන්නේ නැගෙනහිර ජැටියේ එහි චීනයට අයිති ජැටි තිබෙන නිසා රටේ ආරක්ෂාවට තර්ජනයක් නිසා චීනය අපේ රටත් එක්ක තරහයි එම නිසා ඇමෙරිකාවට කොච්චර කෙරුවත් ඇමරිකාවත් චීනයත් දෙකෙහිම සහාය නොලැබෙන බව පැවසීය.

ඇමරිකානු පුරවැසියෙක් ජනාධිපති වෙලා ඇමරිකානු පුරවැසියෙක් මුදල් ඇමැති වෙලා හිටියත් ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවට ලංකාව කැඳවා නැති බවත් මේ තුලින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති බව ඇමරිකාව තීරණය කර ඇතැයි පැවසීය. ඒ මොනවා වුණත් ලංකා ඉතිහාසයේ වැඩිම උද්ධමනයත් මේ දවස් වල සිදු වී ඇති බවත් එය 8.5% බව මන්ත්‍රීවරයා ඊයේ (30) විපක්ෂ නායක කාර්යාලයේ දී අවධාරණය කළේය.