මැතිවරණ කොමිෂම වෙනස් කිරීමට කිසිදු තීන්දුවක් ගත්තේ නැති බව ඊයේ රැස් වූ ව්‍යවස්ථාදායක සභාවේ දී විපක්ෂ නායක සජිත් අවධාරණය කරයි

පවත්නා මැතිවරණ කොමිසම වෙනස් කිරීම සඳහා කිසිදු තීන්දුවක් නොගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවෙන් සිදුකරනුයේ විධායක ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීම බවත් ඒ හරහා ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය තුලනය කිරීමට කටයුතු කරන බවත්, ව්‍යවස්ථාදායක සභාවට වගකීම් රැසක් තිබෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

ඊයේ දිනයේ පැවති පැවැති ව්‍යවස්ථාදායක සභාවේ දී ගනු ලැබූ තීන්දුවක් පිළිබඳව සිය අවධානය යොමු කළ විපක්ෂ නායකතුමා පවසා සිටියේ මැතිවරණ කොමිසම හැරුණුකොට අනෙකුත් කොමිෂන් වලට ඉල්ලුම්පත් කැඳවීමට තීරණය කළ බවද පැවසීය.

කෙසේ වෙතත් මැතිවරණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අවස්ථාවක පවත්නා මැතිවරණ කොමිසම වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත්,එය කිසිසේත් කළ නොහැකි බවත් අවධාරණය කළ විපක්ෂ නායකතුමා,පවතින මැතිවරණ කොමිෂන් සභාව මෙලෙසම ක්‍රියාත්මක විය යුතු බවද පැවසීය.

කෙසේ වෙතත් ජනතාවගේ පරමාධිපත්‍යයට විරුද්ධව කටයුතු කිරීම බරපතල වරදක් බව පැවසූ විපක්ෂ නායකතුමා එය සිර දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව ද පැවසීය.

පසුගිය සමයේ උපාධිධාරීන් 50000 කට රැකියා ලබා දීමේදී තාක්ෂණික කරුණු කිහිපයක් පදනම් කොටගෙන එම රැකියා අහිමි වූ උපාධිධාරීන් හාරසියයකට ආසන්න පිරිසක් අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේදී ඒ මහතා මේ බව පැවසීය.