පෙර කාලේ ඒ කියන්නේ අන්දේරේ ජිවත්වන යුගයයේ.ලොකු පැනයක් මතුවුනා පාරක් කපන්න ගොහින්.පාර කපන්නේ වෙල මැදකින්.මැද මහ ගලක් දැන් මෙි මහ ගල නිසා පාරේ වැඩ නැවතිලා.ඒ කාලේ ගල පුපුරලා දාන්න වෙඩි බෙහෙත් ඇති එකක්යැ ඉතින් රජ්ජුරුවෝ කලේ මොකක්ද? ගල අයින් කරන්න පුලුවන් අයෙක් හොයන්න අඩ බෙරයක් පිටත් කොලා.කවුරුවත් ආවෙි නෑ .ඔය වෙිලාවෙි අන්දරේ ඉදිරිපත් වෙලා කියනවා මම ගල අයින් කරන්නමි .රට වැසියන්ටත් හරිම සතුටක්.ඇයි තමන්ට තියෙන ලොකුම ගැටලුව විසදන්න අන්දරේ ඉදිරිපත් වුනානේ.

හැබැයි අන්දරේ වැඩෙි කොරන්ඩ කොන්දේසි පනවනවා.අන්දරේ කියනවා මෙික කරන්ඩ නමි මම රජ මාලිගයේ පදිංචි වෙන්ඩ ඔනෑ .රජ සැලකිලි භුකති විදින්ඩ ඔනැ.උදේට රජතුමාට වගෙ අහාර පාන ඔනෑ.ඇල් හාලේ බත කලුකුමි මස් එකි නොකි දේ අන්දරේ ඉල්ලනවා.නිදාගන්න රාජකිය සයනයක් චාමර සලන්න සේවිකාවෝ මෙි සියල්ල මාස හයක් නොකඩවා දුන්නොත් ගල අයින් කරන බව අන්දරේ කිවා.රටෙි වැසියෝත් රජතුමාත් මෙි සියල්ල අන්දරේට දුන්නේ මෙි ගල ඉවත් කිරිම රටෙිම වැදගත් කටයුත්තක් නිසයි.
මාස ගෙවිලා නියමිත දිනේට අන්දරේ ගල ලගට එනවා.දැන් රටෙිම ජනතාව අන්දේරේගේ විකුමි බලන්න සුදානමි
වර්තමාන කථාව!
ලංකාවෙි ආරක්ෂාව අනතුරේ රටෙි සමිපත් විදේශිකයන්ට විකුනන්න යනවා.අල කියද ?ලුනු කිය ද? අර්තපල් කිය ද? බි ලුනු එහෙම කෑව ද ?යහපාලන ආණ්ඩු කාලේ මහින්ද රාජපක්ෂ වෙිදිකාවල බෙරිහන් දුන්නා.දැන් ෂැප ද ?කියලා මහින්ද අහනකොට ලංකාවට වෙචිච දෙයක් කියලා බංදු කියන්න පටන් ගත්තා.හොදට තිබිබ රටක් අපි වැටිචිච තැනක් කියලා දිලිත් ගේ ඇඩිවටයිසින් කටිටිය රටෙි මහ ගලක් මවලා පෙන්නුවා.මෙික.අයින්කරන්න එලිය පත්තු කරගත් වියත්තු මග හොයාගෙන යන ගමන් රට රකින විරුවෙක් හොයා ගත්තේ තුන් හෙලයම ගිනි තිබිබා කියමින්.
මෙි විරුවා කිවා රටෙිම තියෙන ගැටලු විසදන්න දියසෙන් පහල වුන බව නාග ලොකෙන් ධාතු ගෙනාපු නයි රජා කිවා කියලා කැලණියේ නයි නායක හාමුදුරුවෝ කිවෙි මහ ශබිදයක් ඇහුන විදිහ ඇස් උඩ ඉන්දවාගෙන .

හැබැයි රටෙි අභියෝග දිනන්නට නමි පුර්ණ බලතල සහිතව ජනාධිපතිකම අවශ්‍ය බව කිවා.ඒකට 19 අහෝසි කරලා 20 ගෙන්න ඔනැයි කිවා.ඒක කරනකො ද්විත්ව පුරවැසි කමත් අවශ්‍ය බව කිවා.එචිචර විතරක් නොවෙයි පාර්ලිමෙින්තුවෙි 3/2බලයත් ඔනෑ කිවා.ඒ එක්කම වරාය නගරය චිනට දෙන්න වරායේ බටහිර ජැටිය ඉන්දියාවට දෙන්න යුගදනවිය ඇමරිකාවට දෙන්න වරායේ අක්කර දහතුනක් චිනේට දෙන්න ගුවන් හමුදා මුලස්ථානය ඇතුලුව කොළඹ කොටුවම සෙලන්දිවා හරහා විකුනන්න මෙි සියල්ල රටෙි අනාගතය හරස් කරන ගල් පර්වතය ඉවත් කරන්න අවශ්‍ය බවයි නුතන අන්දරේ කිවෙි.හැබැයි අන්දරේ කරලියට ආවෙි නැහැ.
මෙිවා ඔක්කොම කරලා තවමත් රටෙි ජනතාව මත ජිවන බර වසංගතය රටෙි ආර්තිකය කඩා වැටිලා ඩොලර් හිගවෙලා කාබනික පොහොර නාඩගමෙන් සාගතයකට අතවනලා ගල මහා පර්වතයක් බවට පතුවෙලා.

ඔන්න සැගවිලා හිටපු අන්දරේ එලියට ආවෙි මහා ශබිදයක් සමග.ගෝල බාලයෝ කිවෙි මෙි අන්දරේට මොළ හතක් තියෙනවා කියලා.විස්සෙන් ද්විත්ව පුරවැසියෙක් පාර්ලිමෙින්තුවට ගෙන්නේ නැහැයි පොරොන්දුවත් ගසටි වගේ රිවස් කරලා නුතන අන්දරේ පාර්ලිමෙින්තුවට ආවෙි මුදල් ඇමති විදිහට.ඇවිදින් සේවක.අර්ථ සාධකයටත් කෙලපු හෙජින් ගිවිසුමෙන් ග්රික බැදුමිකරයෙන් රටට විනකරපු බැදුමිකර මගඩියේ අප්පචිචි අජිත් නිවාඩි කබිරාල්ව කැබිනටි බලතල සහිතව මහ බැංකු ලොක්කා කරලත් ඉල්ලුවා.දැන් නුතන අන්දරේට පරන අන්දරේට වගෙම ඉල්ලු සියල්ල ලැබිලා අහවරයි.

පෙර කතාව-
දැන් මිනිස්සු බලාගෙන ඉන්නවා අන්දරේ ගල අයින් කරනකමි.අන්දරේ වටෙිට ඉන්න මිනිසුන්ට කියනවා හොදයි දැන් ගල උස්සලා මගෙ කරමත තියනවා.මම ගල අයින් කරන්නමි.

ජනතාව අහනවා අපි කොහොමද ඒක කරන්නේ .ඔහෙනේ කිවෙි මෙික කරන්න පුලුවන් කියලා.එනිසානේ ඉල්ලපු හැමදේම දුන්නේ.
අන්දරේ කියනවා තමුසෙලා ඔක්කොටම බැරි නමි මම කොහමද කරන්නේ ඔන්න මම ගියා.මට ඉතින් කාලයක් සියලු සැප ලැබුනනේ.
වර්තමාන කථාව-
රටෙි ගැටලු විසදන්න මොලහතක් ඇතැයි කියපු නුතන අන්දරේ තිරය පිටුපස සිට ඉල්ලු හැමදේම අපේ මිනිස්සු දුන්නා.දැන් කරලියට ආපු වෙිලාවෙි ජනතාව වෙනුවෙන් මාධ්‍ය අහනවා ජනතාව ඉල්ලන දේ දෙනවද කියලා.නුතන අන්දරේ ගේ උත්තරෙත් පරන අන්දරේට වැඩිය හපන්.මෙයා කියන්නේ ජනතාවට දෙන්න නෙමෙයි වෙන්නේ ජනතාවගෙන් ගන්නයි වෙන්නේ.ජනතාව දෙන්නේ නැත්තමි මට කරන්න දෙයක් නෑ.පෙරදා කල ලෙසම ජනතාව දුන්න දෙයින් පරපුරට මග හදලා පරපුරට එළිය දිලා නුතන අන්දරේ පරන අන්දරේ මියගිය නුතන අන්දරේ උපන් ගම වන විරකැටියට නොව දැන් පලමුවැනි මවි බිම වන ඇමරිකාවට පියඹලා යාවි…
එතකොට අපිට කියන්න වෙන්නේ උන්ගේ කටෙි සිනි.අපේ කටෙි පස් කියලා තමයි.
( ටර්මිනේටර් විසිනි )