පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳව බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇත.

ඒ රංජන් රාමනායක විසින් කළ ඉල්ලීමකට අනුවය.

ඒ අනුව ඔහු ඉදිරි දිනක කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කර සිටියේය.