විමල් වීරවංශ මහතා කුලියට කහින අමාත්‍යවරයෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි .

පසුගියදා විමල් වීරවංශ මහතා විපක්ෂයට චෝදනා කරා නිර්මාණශීලි වෙන්න කියලා එයට පිළිතුරු ලබා දෙමින් සරත් ෆොන්සේකා මහතා අසා සිටියේ පාස්පෝට් දෙකක්, උප්පැන්න දෙකක් හැදුවේ නිර්මාණශීලි නිසා ද? යන්නයි.

විමල් වීරවංශ මහතා දේශපාලනයට රැගෙන ආවේ j.v.p තරුණයන් බවත් එහෙත් වාසියට මේ පැත්තට හේත්තු වුයේ නිර්මාණශීලි නිසා ද? යන්න විමසා සිටියේ ය.

ඒ වගේම නිවාස ඇමැති කාළයේ නිවාස ඉදිකර තම නෑදෑයන්ට ලබා දී තමන්ට නැති නිසා කුලියට කහින බවත් එසේ ලබා දුන්නේ නිර්මාණශීලි නිසා ද ? පැවසීය .

තව දුරටත් කියා සිටියේ වීරවංශ මහතා ආණ්ඩුවට චෝදනා කරන්නේ ආණ්ඩුව හදා ගන්න බව පැවසූවත් අයවැය ඡන්ද විමසිමේ දී අයවැයට පක්ෂව අත උස්සන බව අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය .