ඉඩමක් නොමැති ජනතාවට භූමියේ අයිතියක් නොමැති ජනතාවට රැකියාවක් නොමැති ජනතාවට රට පුරා අැති මුඩු ඉඩම් ලබා දී ඔවුන් කෘෂිකර්මාන්තයට යොමුකර එහි ඵල ප්‍රයෝජන රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (16) හේවාහැට, තලාතුඔය දී පැවසීය.

ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීම තුළින් අාර්ථික සවිබල ගැන්වීමක් සිදු වන බවත් මේ සංකල්ප නොදන්න මෝඩයෝ කොට්ටාසයක් සජිත් දන්නේ බෙදන්න විතරයි කියා රට පුරා කියමින් යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සම්පත් නොමැති ජනතාව සම්පත්වලින් සවිබල ගැන්වීම තුළින් ඔවුන්ගේ දායකත්වය ද අාර්ථිකය ගොඩ ගැනීමේ ක්‍රියාවලියට යොදා ගත හැකි බව පැවසීය.

බිඳ වැටුනු රට ගොඩ ගැනීම සඳහා සමගි ජන බලවේගයට හැකියාවක් පවතින බවත් එ් සඳහා අවශ්‍ය සියලු දේ සිදු කර රට නැවත යථා තත්ත්වයට ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.