ජූලි 14 වැනි දින අභ්‍යවකාශ ගත කරන ලද චන්ද්‍රයන් 3 යානය සිය ගමන සම්පූර්ණ කර සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟා වු බවත් මෙතෙක් එවැනි සාර්ථක පතිත කිරීමක් කරන ලද එකම රට බවට ඉන්දියාව පත්වූ බවත් දකුණු ආසියාතික රටක් ලෙස ඉන්දියාව මෙවන් ක්‍රියාදාමයකට මුල පිරීමත් එය සාර්ථක වීමත් සම්බන්ධයෙන් සිය උණුසුම් සුබ පැතුම් ඉන්දීය රජයට එක් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.