විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) ගාල්ල, රත්ගම පුෂ්පකුමාර ද සොයිසා මහතාගේ සමගි ජනබලවේගයේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්විය.ඊට එක්වෙමින් විපක්ෂ නායක තුමා මේ බව පැවසීය.

කෙටි කලකට ණය විරාමයක් ලබා දී ඉතා කෙටි කලකින් එම ණය විරාමය බරපතළ උගුලක් බවට පත්කොට ණයකරුවා එහි සිර කරන බව පැවසූ විපක්ෂ නායකතුමා අද එම ව්‍යසනය තුළ ජනතාව සිරකොට ඇතැයිද කීය.

සංචාරක ක්ෂේත්‍රය කඩා වැටී බලවත් අර්බුදයකට ලක් වූ අවස්ථාවන්හිදී මීට පෙර පැවති ආණ්ඩුව ඔවුන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා අද ඒ කිසිවක් සිදු නොවන බවද පැවසීය.