හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැය4කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා ඒ පසුගිය දිනක අරගලයට සම්බන්ධ පුද්ගලයෙකුගෙන් ගත් ප්‍රකාශයක හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නමත් තිබීම හේතුවෙන් බවයි එතුමිය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් එතුමිය සඳහන් කරන්නේ වත්මන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් එතුමියව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලෙස පෞද්ගලිකවම ඉල්ලීම් කර ඇති බවයි.

එම අවස්ථාවේ හොරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසු අදහස්

“මේ ටිරාන්…. මම ගෝඨාභයගේ ගේ ඉස්සරහට ගිහින්, වරෙන් ගෝඨාභය කියලා කියපූ හොද පෞරුෂයක් තියන, හොද ශක්තිමත් කාන්තාවක්…. එක එක මිනිස්සු දාලා එක එකාට මඩ ගහන්න තරම් මම බංකොලොත් වෙලා නෑ…… කවදාවත් බොරු කියලා නෑ, ඔයාට දැන් මාත් එක්ක තියන පෞද්ගලික තරහට බොරුවට අපිව CID ගානෙ රස්තියාදු කරවන්න එපා…. මම හොද පෞර්ෂත්වයකින් යුතු කාන්තාවක්… පුලුවන් දෙයක් කරන්න…. ඔය හැමදේම කරන්න පුලුවන් උපරිම තව මාස දෙකයි තුනයි.. ඊට පස්සෙ ඔයත් සාමන්‍ය පුරවැසියෙක්.”