ඉන්දියාවේ Zee Tamil නාලිකාවේ විකාශය වූ සරිගමප Little Champs ගයන තරඟාවලියේ අවසන් මහා තරඟයේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ යාපනයේ පදිංචි කිල්මිෂා උදෙසීලන් දැරිය ඊයේ රාත්‍රියේ සමත් වී තිබෙනවා.

දීර්ඝ කාලයක සිට ලෝකය පුරා ජනප්‍රිය, ඉන්දියාවේ මෙම Little Champs වැඩසටහනට සහබාගී වූ කිල්මිෂා වයස අවු 14 වියේ පසුවන අතර ඇය මෙම වැඩසටහනට සම්බන්ධ වූ ශ්‍රියා ගොශාල් අදී සුප්‍රකට සංගීතඥයින්ගේ ප්‍රසාදය දිනාගැනීමට වැඩසටහනේ මුල සිටම සමත්ව තිබුණා.