ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් ගාසා තීරයේ පිහිටි අල්- අක්සා රෝහලේ රෝගීන් ඇතුළු පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් තවත් 17 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එම රෝහලේ නිලධාරියෙකු සනාථ කරයි.

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර ප්‍රහාරය එල්ල වූ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරන අතරම ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද සිටින බව අල්-අක්සා රෝහල් ප්‍රකාශක Khaled al-Dakran මාධ්‍යට පැවසීය.

ගාසා හි රජයේ මාධ්‍ය කාර්යාලය පවසන්නේ ගුවන් ප්‍රහාරයෙන් අවතැන් වූවන් නවාතැන් ගෙන සිටි සහ මාධ්‍යවේදීන් සේවය කරන කූඩාරමකට මෙම පහර එල්ල කළ බවයි.

රෝහල් භූමියේ සිට වාර්තා කරමින් අල් ජසීරා පුවත් සේවයේ මාධ්‍ය වේදියෙකු මෙම ප්‍රහාරයෙන් පසු පවසා තිබෙන්නේ රෝහලේ සිටින සියලුදෙනා මේ වන විට භීතියට පත්ව සිටින බවත් ඔවුන් දැන් මාස හයකට වැඩි කාලයක් මේ රෝහල තුල රැකවරණය පතා සිටින බවත් නැවත කිනම් ,මොහොතක රෝහලට ප්‍රහාරයක් එල්ල වේ දැයි භිථියතක් පත්ව සිටින බවත්ය.