ලිංගික කටයුතු සඳහා කැමැත්ත ලබා දෙන වයස් සීමාව අවු 16 සිට 14 දක්වා අඩු කරමින්, ආණ්ඩුව විසින් දණ්ඩ නීති සංග්‍රහයට එන ඒමට කටයුතු සුදානම් කර තිබූ සංශෝධනය ඉවත් කරගත් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (01) පාර්ලිමේන්තුවට දනුම්න් දුන්නා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් මේම අමනෝඥ දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පත ඉල්ලා අස් කර ගත යුතු බව රජයට අවධාරණය කරමින් කියා සිටි අතර මෙම පනත් කෙටුම්පත ඉල්ලා අස නොකළහොත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මහපාරෙත් දැවැන්ත අරගලයක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

පසුගිය දා පවතී බදුල්ල කාන්තා සමුළුව අමතමින් මේ පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,

“ආණ්ඩුව දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරන්නේ අපරාධ වැළැක්වීමට නොව අපරාධ වැඩිකිරිමට බව එහි දී මේ රජය ලිංගික කටයුතු සඳහා කැමැත්ත ලබා දෙන වයස් සීමාව 16 සිට 14 දක්වා අඩු කිරීමට යන බවත් අද රට පුරා අපචාර, අතවර කිරිම්, දූෂණය ඉහවහා ගොස් ඇති අවස්ථාව ආණ්ඩුවේ විසඳුම වී ඇත්තේ මෙය බවත් මෙය ලිංගික අපචාර ප්‍රවර්ධනය කිරිමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වයස අවුරුදු 22ට පිරිමි පුද්ගලයෙක් යම් කිසි දූෂණයක් අතවර කිරිමක් සිදු වුවහොත් මේ හරහා ඔහුට ලබා දෙන දඩුවම ලිහිල් කර ඇති බවත් මෙය කාන්තාවන්ට සිදු කළ අපහාසයක් බවත් 363 වැනි වගන්තිය හරහා කාන්තා දූෂණය වෙනමම විග්‍රහ කර දඩුවම් ලබා දීම වෙනමම සඳහන් කර ඇති වගන්තියක් තිබියදී මේ යටතට පිරිමි දුෂණයත් ඇතුළත් කර මෙම වගන්ති බාල්දු කිරිමට කටයුතු කර ඇති බවත් මේ වෙනුවෙන් වෙන වෙනම වගන්ති සකස් කිරීමට හැකියාව තිබිය දී එවැනි දෙයක් සිදු නොකර දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන හරහා කාන්තා අයිතිය පළුදු කිරිමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට හිතක් පපුවක් ඇත්නම් මේ අමනෝඥ දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පත ඉල්ලා අස් කර ගත යුතු බවත් එසේ නොවුවහොත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් මහපාරෙත් දැවැන්ත අරගලයක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය”